කුලියට ගත් නිවසේ මත්පැන් පෙරූ ප්‍රාදේශීය සභා අපේක්ෂක අත්අඩංගුවට (වීඩියෝ)

ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර කාර්යාලය පවත්වාගෙන ගිය නිවසේ භූගත බංකරයක් සකස් කර නීති විරෝධී මත්පැන් පෙරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය එම පක්ෂයේ කළුතර ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අදාළ පක්ෂයෙන්ම කොට්ඨාස අපේක්ෂක ලෙසින් නාමයෝජනා භාරදී ඇති බවයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

කළුතර ප්‍රධාන පාසලක් ආසන්නයේ ගාලුපාරට මුහුණලා පිහිටි නිවස රුපියල් 30,000ක මාසික කුලියට ලබාගෙන ත්‍රීරෝද රථ, යතුරුපැදි අළුත්වැඩියා කිරීම සහ පින්තාරු කිරීම ඇතුළු සේවාවන් සිදුකරන මුවාවෙන් ජාවාරම කරගෙන ගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළා.

පොලිසියට ඇතිවූ සැකයක් මත එය පරීක්ෂා කිරීමට පැමිණීමේදී ඉබි යතුරු දමා තිබූ කාමරයක දොරවල් කඩා පරීක්ෂා කර තිබෙනවා. එහි තිබී ගෝඩා මිලිලීටර් ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් අඩංගු බැරල් 10ක්, ප්ලාස්ටික් කෑන් 05ක්, තඹ දඟර, ගෑස් ටැංකි ඇතුළු පෙරීමේ උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පිටතට ගඳ නොඑන ආකාරයට කාමරයේ සිමෙන්ති පොළොව කඩා ඇතුල් කළ බටයකින් නිවසින් පිටත පිහිටි වැසිකිලි වලකට අපද්‍රව්‍ය යොමු කර ඇති බව ද නිරීක්ෂණය වී ඇතැයි සඳහන්.

මෙම ස්ථානයේ නිෂ්පාදනය කරන මත්පැන් කළුතර, පොතුපිටිය, ගල්පාත සහ වාද්දුව ප්‍රදේශවලට තොග වශයෙන් බෙදා හැර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57