කිරිගව සොරකම්වලට දඩය මිලියනය දක්වා ඉහළට (වීඩියෝ)

කිරිගව සොරකම්වලට දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කිරිගවයින් සොරකම් කිරීම් මේ වනවිට දිවයින පුරා ඉහළ යමින් පවතින බවටයි කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වී ඇත්තේ.

දැනට ක්‍රියාත්මක සත්ව සුබසාධන පනත යටතේ කිරිගව සොරකම් සඳහා උපරිම දඩය රුපියල් 50,000ක් වන අතර ඊට අමතරව ඒ සඳහා සිර දඬුවම් පැනවීමක් ගැන සඳහන් වන්නේ නැහැ.

මෙම කරුණු සැළකිල්ලට ගනිමින් කිරිගව සොරකම් සඳහා වන දඩය රුපියල් ලක්ෂ 10 දක්වාත්, අඩුම තරමින් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් පැනවීම සඳහාත් වගන්ති ඇතුළත් කර සත්ව සුබසාධන පනත සංශෝධනය කරන ලෙසටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

සත්ව සුබසාධන පනත නව සංශෝධන සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

සත්ව සුබසාධන සංගම් නියෝජිතයින් පිරිසක් සමග පැවැති මෙම සාකච්ඡාවේ දී කිරි ගව සොරකම් ඉහළ යාම හා කිරි ගව සොරුන්ට ලබා දෙන දඬුවම් සම්බන්ධව වගන්ති සඳහා නව සංශෝධන ඇතුළත් කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව කිරි ගව සොරකමක දී දැනට පනවන රුපියල් 50,000ක දඩය රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ නැංවීමටත්, දැනට සිර දඩුවම් පිළිබඳ මෙම පනතේ අඩංගු නොවන බැවින් අඩු තරමින් බරපතල වැඩ සහිතව වසරක සිර දඬුවමක් පනවන ලෙස කරුණු ඇතුළත් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් දිනකට වැඩිම කිරි ප්‍රමාණයක් ලබා දුන් එළදෙන ද සොරකම් කර මරා දමා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා සඳහන් කළේ එම ගවදෙනගෙන් දිනකට කිරි ලීටර් 26ක් බැගින් ලබා ගෙන ඇති බවයි.

අවස්ථා ගණනක දී ගව සොරකම් මර්දනය සඳහා පියවර ගන්නැයි පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇති බව කී අමාත්‍යවරයා රටේ වැඩිම ගව සොරකම් වාර්තා වන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය වන බව ද අනාවරණ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
3
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දොරට ගහපු කොල්ලා උඩින් බිමට වැටුණු හැටි
08:58
Video thumbnail
දෙන්නක් අවසන් ගමන් යවපු අනතුර - එද්දී එක්කෙනෙක් බිම අනිත් කෙනා ඇතුළේ
03:21
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
01:00
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
03:48
Video thumbnail
අලුත් අවුරුද්දේ වජිර කරපු සුපිරි කතාව
02:57
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34

?