ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් සඳහන් කරන්නේ එම කැපවීම ශ්‍රී ලංකා වෙත තව දුරටත් සහයෝගය ලබාදීම සඳහා හේතුවක් වන බවයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමග ඊයේ (23) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවක දී ඔහු මේ බව කියා සිටියා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ප්‍රතිසංස්කරණ යෝජනාවලින් බහුතරයක් නියමිත පරිදි අවසන් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බවයි.
මෙහි දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන සහාය අගය කළා.
දෙවැනි වාරිකය පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් පසුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් කිරීම මෙරට තිරසර ආර්ථිකයක් නිර්මාණය කිරීමට හේතු වන බවයි.
විශේෂයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ඊට ඉන්දියාව ඇතුළු සෙසු රටවල් ලබා දෙන සහ යෝගය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරුණා.














GEWA GANNA BARI NISA BANKOLOTH KIYALA WIHIN PRAKASHA KALA EVEREST NAYA KANDATA THAWA THAWA NAYA KANDU PITIN EKATHU KARAPALLA. 2048 NOWEYI 2030 WENNA KALIN RATA WALA PALLATAMA ADA DAPALLA.