AFC Banner
Empty Ad
Empty Ad

විදේශීකයෙකුට ගජමුතු විකුණන්න යද්දී පොලිස් දැලේ පැටලෙයි (ඡායාරූප)

ඉතා දුර්ලභ ඝණයේ ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු 06ක් විදේශීකයෙකුට අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසනවා.

අදාළ පුද්ගලයා විසින් මෙම ගජමුතු රුපියල් කෝටි 60ක මුදලකට අලෙවි කිරීමට සූදානමින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්.

ගජමුතු 06ක් විදේශීකයෙකුට අලෙවි කිරීමට යන බවට පොලිසියට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා සිදුකළ වටලිමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී අනුරාධපුර, නොච්ච්යාගම ප්‍රදේශයෙන් මෙම ගජමුතු රැගෙන ආ බවයි පවසා ඇත්තේ.

ලංකාවේ මෙතෙක් හදුනාගෙන ඇති වැඩි බරකින් යුත් ගජමුතු දෙකක් ද මේ අතර වන බවයි වාර්තා වුණේ.

01 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
3
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?