ආණ්ඩුවේ පිළිවෙළතට විපක්ෂ නායකගේ විරෝධය

තම රජයක් තුළ දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය යථාර්ථවාදීව උපරිම ලෙස අවම කිරීමට හෝ සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ වැඩසටහනකට මුල පුරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ වන විට ගම්මට්ටමින් දුප්පත්කම තුරන් කරනවා වෙනුවට රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව බීර බලපත්‍ර ලබා දීමේ වැඩසටහනක් රට පුරා ක්‍රියාත්මක බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම සංචාරක ප්‍රවර්ධනය බවට පවසමින් විහාරස්ථාන, පාසල්, පෙර පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන අසළ එලෙස මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට බලපත්‍ර ලබා දෙන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශ්‍රවණාගාරයේ පැවැති 111 වැනි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභා රැස්වීම අමතමිනුයි ඔහු විපක්ෂ මෙම අදහස් පළ කළේ.

රජය බදු අය කළ යුතු පුද්ගලයන්ගෙන් නිසියාකාරයෙන් බදු අය නොකර අනීතික ලෙස තුන්වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති අත්රා මෙම ක්‍රියාව නිසා විදුලි පාරිභෝගිකයන් අසරණ වී ඇති බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

මත්පැන් සමාගම් සහ දුම්වැටි සමාගම් රජයේ නිලධාරීන් සුළු පිරිසකට සන්තෝසම් ලබා දී අයවිය යුතු බදු පැහැර හැර ඇති අවස්ථාවක ජනතාව විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව දුකට පත්ව ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

අනාගත සමගි ජන බලවේග රජයක් තුළ දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය යථාර්ථවාදීව උපරිම ලෙස අවම කිරීම හෝ සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ වැඩසටහනකට තමා මුල පුරන බවට පොරොන්දු වන අතර මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් ඡන්ද අඩුවෙනවාට තමා බිය නොවන බවත් බොරු නොකියන ජනතාව රවටන දුර්දාන්ත දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශ කළා.

විපක්ෂ නායකවරයා ලෙස තමා කිසිදු අවස්ථාවක බාර් බලපත්‍ර ලබා දීම සඳහා පුද්ගලයන් නිර්දේශ කර නොමැති වීම සම්බන්ධයෙන් ආඩම්බර වන බව ද ඔහු කියාසිටියා.

මේ වන විට පාසල් පද්ධතිය පවා මත්ද්‍රව්‍ය ජාවාරම විසින් ආක්‍රමණය කර ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ සෘජු තීන්දු ගත යුතු බවත් තවදුරටත් මේ විනාශය දිහා බලන් නිද්‍රාශීලීව සිටිය නොහැකි අතර දරු පරපුර වෙනුවෙන් දැඩි තීන්දු තීරණ ගත යුතු බවයි විපක්ෂ නායක පෙන්වා දෙන්නේ.

දුම්වැටි මත්පැන් හා ගංජා ප්‍රවර්ධනය කරන්නේ රටේ මිනිසුන්ගේ සිහිය විකල් කිරිමට බවත් එලෙස ප්‍රවර්ධනය කරන ඇතැම් පුද්ගලයන් ගංජ පානය කළ අය මෙන් සිහි විකල්ව කටයුතු කළ ආකාරය දැක ගැනීමට හැකි බවත් ඔවුන් කිසිම අවස්ථාවක රටේ දරු පරපුර පිළිබඳ නොසිතන බව ද විපක්ෂ නායකවරයා කියාසිටියා.

එමෙන්ම රටේ මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතය අප රටේ සංස්කෘතියට කිදා බැස ඇති ආකාරය බැලූ විට අතිශය ශෝචනීය බවත් ඒ සදහා නීති පද්ධතිය පමණක් නොව අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාදාමය දැඩි ලෙස ශක්තිසම්පන්ව සක්‍රීයව රටේ ක්‍රියාත්මක විය යුතු බවත් මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිසා රජයට විශාල ආදායමක් ලැබෙනවා කියා කිව්වත් පාර්ලිමේන්තු කමිටුවලින් අනාවරණය වූ ආකාරයට මත්පැන් ව්‍යාපාර විසින් තමන් ගෙවිය යුතු බදු මුදලවත් හරියට ගෙවා නැති බවත් ආයතන දෙකක් ලක්ෂ 17000ක මුදලක් බදු ලෙස පැහැර හැර ඇති බවත් මුදල් අමාත්‍යාංශය මහාභාණ්ඩාගාරයේ සුළුතර කොට්ඨාසයක් දුම්කොළ සමාගම් සමඟ ඇති අනිසි සම්බන්ධතා නිසි අය කළ යුතු නියම බදු ප්‍රමාණය අය කර නොගන්නා බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

මේවා ඡන්ද දිනන කතා නොව ඡන්ද පැරදෙන කතා බවත් ඡන්දය දිනනවට වඩා රටේ අනාගතයේ සුබසිද්ධිය වෙනුවෙන් ඉතාම සමබර ලෙස තොරතුරු දත්ත මත පදනම්ව ගරා වැටුණු දේශීය නැවත ගොඩගන්නවාද කියා හෘද සාක්ෂියට අනුකූලව සිතිය යුතු බව ඔහු කියාසිටියා.

අමද්‍යප ව්‍යාපාරයේ 111 වැනි මහා සභා රැස්වීමේ දී සාමාජිකත්වය ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කටයුතු කරනු ලැබුවා. මෙම සාමාජිකත්වය නොලැබුවත් තමා උපන්දා සිට දුම්වැටි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර පුද්ගලයකු බවත් එය ඉදිරියටත් එසේම බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03