විෂ දුමක් ආඝ්‍රාහණය වී දස දෙනෙකු රෝහල්ගත කෙරේ

විෂ දුමක් ආඝ්‍රාහණය වී, හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පුද්ගලයින් දසදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ ඊයේ සවස තලවකැලේ නගරයේ පිහිටි රෙදිපිළි හා විසිතුරු භාණ්ඩ වෙළෙඳසැලක සේවකයින් පිරිසක් හට යි.

මෙම විෂ දුම ආඝ්‍රාහණය වීමෙ කාන්තාවන් 09 දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු තලවකැලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 20-22ත් අතර වයසේ පසුවන්නන් බවයි.

තලවකැලේ නගරයේ ඊයේ දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු ව ඇති අතර, එහිදී වෙළෙඳසැලෙහි විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් පසු ව මෙම විෂ ධුම අදාළ පුද්ගලයින්ට ආඝ්‍රාහණය වී තිබෙනවා.

මෙම පුද්ගලයින්ට විෂ දුම ආඝ්‍රාහණය වීමෙන් පසුව තද හිසේ කැක්කුමක් සහ වමනය ඇති ව තිබෙන අතර, ඉන් පසුවයි ලිඳුල රෝහලට ඇතුළත් කර ඇත්තේ.

පොලිසිය පැවසුවේ; මෙම රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුව නුවරඑළිය රෝහලට මාරුකර යවා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18