2024 අයවැයේ දී රාජ්‍ය සේවකයින් ගැන වැඩි අවධානයක්

ඉදිරි අයවැය මඟින් සහන සැලසිය යුතු ප්‍රධාන පාර්ශ්ව අතර රාජ්‍ය සේවකයන් ද සිටින බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් කෙරෙහි රජය ඉතා අවධානයෙන් පසුවන බවයි.

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශයක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා වෙත ලබාදීම සඳහා රාජ්‍ය සහ පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරිය අයවැය මඟින් අවධානය යොමු විය යුතු පාර්ශ්වය අතර රජයේ ආධාර
ලැබිය යුතු පිරිස, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ රාජ්‍ය සේවයකයන් ප්‍රමුඛස්ථානයේ සිටින බවයි.

මීට පෙර සමාජ සුබ සාධනය වෙනුවෙන් වැය කළ රුපියල් බිලියන 65ක පමණ මුදල් අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ රුපියල් බිලියන 200 දක්වා ඉහළ නංවා ඇති බවද ඔහු පැවසුවා.

රාජ්‍ය සේවයකයන් ඇතුළු මාසිකව ස්ථිර ආදායමක් ලබාගන්නා කණ්ඩායම් මුහුණ දෙන අර්බුදය සඳහා කෙටි කාලීන විසඳුමකට වඩා දිගු කාලීන විසඳුමක් කෙරෙහි රජය විශ්වාස කරන බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

ඉදිරිය අයවැය මඟින් ඊට පදනම සකස් වනු ඇති බවයි ද ඔහු පැවසුවා.

2022 වසරේ දී මාසික රාජ්‍ය සේවක වැටුප් බිල ගෙවා දැමීම පිළිබඳ ගැටලු ඇති වූ ආකාරය පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වන විට රටේ ආර්ථිකය ඊට සාපේක්ෂව ස්ථාවරත්වයකට අවතීර්ණ වී ඇති බව ද සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
4
+1
17
+1
2
+1
2
+1
2
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?