ත්‍රස්ත විරෝධී පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාග නොකර එහි කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවට කතානායකවරයා නිවේදනයක් සිදුකර තිබෙන බැවින් එම පනත් කෙටුම්පත පිළිබඳ විභාගයක් පැවැත්වීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිවේදනය කළේ.

ඒ අනුව අදාළ පෙත්සම් විභාග නොකර එහි කටයුතු අවසන් කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනාගතයේ දී අදාළ පනත් කෙටුම්පත නැවත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළහොත් ඊට එරෙහිව පෙත්සම් ගොනු කිරීමට පෙත්සම්කරුවන්ට හැකියාව තිබෙන බවත් සඳහන් කර සිටියා.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සම් අද යළි කැඳවනු ලැබූවා.

මෙම පෙත්සම් අද කැදවනු ලැබූවේ අග විනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කතානායකවරයා ඊයේ දින පාර්ලිමේන්තුවේ දී නිවේදනයක් සිදුකළ බවයි.

එම නිවේදනයට අනුව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ ද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් සිදුව නොමැති නිසා එම කෙටුම්පත තවදුරටත් පාර්ලිමේන්තුව ඉදිරියේ නොමැති බව කථානායකවරයා විසින් පැහැදිළිව සඳහන් කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

එබැවින් අදාළ පනත් කෙටුම්පත මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව ඉදිරියේ නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් විනිශ්චයක් සිදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.

එහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවට කථානායක වරයා තහවුරු කර තිබෙන බවයි.

පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිරික්සීමේදී එම කරුණ මනාව පෙනී යන බව ද අගවිනිසුරුවරයා සඳහන් කර සිටියා.

එහිදී පෙත්සම් ඉදිරිපත් කළ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ අදාළ පනත් කෙටුම්පත ඔක්තෝබර් මස 03 වන දා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරුණු බව ලේඛන පිරික්සීමේදී පෙනී යන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ දින සිට දින 14ක් ඇතුලත ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට පුරවැසියන්ට හැකියාව ලැබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එසේ තිබියදී අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවට කරනු ලබන ප්‍රකාශය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එසේනම් එය ඉල්ලා අස්කර ගැනීමට රජය කටයුතු කළ යුතු බව ද සඳහන් කළා.

එසේ නොකළහොත් අනාගත දිනයක අදාළ පනත් කෙටුම්පත යලි සක්‍රීය කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව ලැබෙන බවත් එවැනි තත්වයක් උද්ගත වුවහොත් ඊට එරෙහිව නඩු පැවරීමට පුරවැසියන්ට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එබැවින් අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව විභාගයක් පවත්වා තීන්දුවක් ලබාදීමට අධිකරණය කටයුතු කළ යුතු බවයි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ.

තවත් පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ද මෙම කරුණ අනුමත කරමින් කරුණු දැක්වීම සිදුකළා.

සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51