මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හා අපේක්ෂකයන්ගේ ඇප මුදල් ගැන අගමැති ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක්

මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පාර්ලිමේන්තු මැතිවරණයට හඳුන්වාදීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මෙන්ම, ඡන්ද අපේක්ෂකයන්ගේ ඇප මුදල් සංශෝධනය ගැන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ තවත් රැස්වීමක්, අගමැතිවරයාගේ කැඳවීමෙන් එළඹෙන පාර්ලිමේන්තු සතියේ ද පැවැත්වීමට නියමිතයි.

එහි පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (18) දිනයේ පැවැත් වුණා.

මෙහිදී අදාළ යෝජනා ගැන පක්ෂ නායකයන් දක්වන අදහස් ලබාගත් අතර, මෙම සාකච්ඡා මාලාව අවසානයේ වාර්තාවක් සකස් කරනු ඇති බවයි වාර්තා වුණේ.

පසුව එම වාර්තාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පළමු සාකච්ඡාවට, අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ ද සහභාගී වුණා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින්, නීතීඥ සිසිර ජයකොඩි(මහජන එක්සත් පෙරමුණ- MEP), නීතීඥ සාගර කාරියවසම්(මහ ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-SLPP), මහින්ද අමරවීර(ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-SLFP), ඒ.එල්.එම්. අතාවුල්ලාහ්(මහ ලේකම්, ජාතික කොංග්‍රසය-NC), එස්. චන්ද්‍රකාන්තන්(සභාපති, තමිල් මක්කල් විඩුදලෛ පුලිගල්-TMVP), ඒ. අරවින්ද් කුමාර්(Member of Political Authority, United People’s Front-UP), එම්. රාමේෂ්වරන්(සභාපති/ මුදල් ලේකම්, ලංකා කම්කරු කොංග්‍රසය-CWC) යන මැති ඇමතිවරුන් එක්ව සිටියා.

එමෙන්ම විපක්ෂය නියෝජනය කරමින් රිෂාඩ් බදියුදීන්(නායක, All Ceylon Muslim Congress-ACMC), මනෝ ගනේෂන්(නායක, Democratic People’s Front-DPF), ජී. ජී. පොන්නම්බලම්(නායක, Ahila Ilankei Tamil Congress-AITC) යන මන්ත්‍රීවරු ද පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින, අංගජන් රාමනාදන්(ජ්‍යෙෂ්ඨ උප සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-SLFP), ෂාන් විජයලාල් ද සිල්වා(ජ්‍යෙෂ්ඨ උප සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-SLFP), සාරතී දුෂ්මන්ත(භාණ්ඩාගාරික, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-SLFP), ඩලස් අලහප්පෙරුම(නිදහස ජාතික සභාව), ජයන්ත සමරවීර(ජාතික සංවිධායක, ජාතික නිදහස් පෙරමුණ-NFF), මහාචාර්ය තිස්ස විතාරණ(ලේකම්, ලංකා සම සමාජ පක්ෂය-LSSP), උදය ගම්මන්පිල(නායක, පිවිතුරු හෙළ උරුමය-PHU), පූජ්‍ය අතුරලියේ රතන හිමි(සභාපති, විජය ධරණී ජාතික සභාව), අසංක නවරත්න(ලේකම්, ශ්‍රී ලංකා මහජන පක්ෂය-SLMP), වීරසුමන වීරසිංහ(නියෝජ්‍ය සභාපති, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය-CP), ගෙවිඳු කුමාරතුංග(සභාපති, යුතුකම ජාතික සංවිධානය) යන මන්ත්‍රීවරු ද මෙම රැස්වීමට එක්ව සිටි බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35