ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රීඩා තහනම ගැන ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තාවකාලික තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නීතිමය බලයක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේදී ලිංගික අපයෝජන චෝදනා එල්ල වූ ධනුෂ්ක ගුණතිලක මාස 11ක නඩු විභාගයකින් අනතුරුව නිවැරැදිකරු බව තීන්දු කර සියලු චෝදනාවලින් නිදහස් කෙරුණා.

ඔහු නිදහස් වීමෙන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේ, ඕස්ට්‍රේලියාවේදී ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවල බලපෑම විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ කමිටුව, 2022 නොවැම්බර් මාසයේදී ඔහුට පනවා තිබූ තහනම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නිර්දේශ කර ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මෙම කරුණ දැනට පවතින අධිකරණ ක්‍රියාමාර්ගවලට සම්බන්ධ බැවින් එවැනි තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවයි.

ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ මත ශ්‍රී ලංකා නීතිපති උපදෙස් මත සහ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් තහනම ඉවත් කළ හැකි බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් මෙම තීරණය අධිකරණයට අපහාස කිරීමක් ද වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41