ආහාර ද්‍රව්‍ය 5ක මිල හෙට සිට පහළට

ලංකා සතොස විසින් පාරිභෝගික භාණ්ඩ 5ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.

හෙට (19) සිට දිවයින පුරා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ ලබාගත හැකි බවයි ඔවුන් නිවේදනය කළේ.

ඒ අනුව ආනයනික ටින් මාලු ග්‍රෑම් 425ක් රුපියල් 35කින් මිල අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 350ක්.

මුං ඇට කිලෝවක් රුපියල් 20කින් අඩු කර තිබෙනවා. ඒ අනුව ලංකා සතොසේ මුං ඇට කිලෝවක හෙට සිට නව මිල රුපියල් 1100ක් වනු ඇති.

හාල්මැස්සන් කිලෝවක් රුපියල් 10කින් මිල අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 1090ක්.

කොත්තමල්ලි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන ඇති අතර නව මිල රුපියල් 540ක් වනවා.

දේශීය ටින් මාලු ග්‍රෑම් 425ක මිල රුපියල් 5කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 545ක් වන බවයි සතොස ආයතනය ප්‍රකාශ කළේ.

Sathosa scaled