ලෝක කුසලානයේ තවත් තරගයක් අද – ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව තවදුරටත් පෙරමුණේ

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 16 වැනි තරගය අද පස්වරු 02ට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.

ඒ නෙදර්ලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර යි.

නෙදර්ලන්ත කණ්ඩායම මේ වනවිට එක්දින ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දුන් තරග තුනම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට ගමන් කිරීමට නම් අද පැවැත්වෙන තරගය ජය ගැනීම වැදගත් වනවා.

එම ජයග්‍රහණය සිදු වුවහොත් තරගයේ අපරාජිත කණ්ඩායම් ද්විත්වයෙන් එකක් බවටයි නවසීලන්තය පත්වන්නේ.

මෙතෙක් පැවති තරග 03ම අපරාජිත ව සිටිමින් සිය ආධිපත්‍යය පතුරවන්නට සමත් ව ඇති අනෙක් කණ්ඩායම වන්නේ ඉන්දියාවයි.

ඇෆ්ගන් කණ්ඩායම ක්‍රීඩා කළ තරග 03න් එකක් ජයගෙන ඇති අතර, එම ජයග්‍රහණය ද වත්මන් ලෝක ශූර එංගලන්තයට එරෙහිව ලබා ගැනීම හේතුවෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස ලියැවුණා.

මේ අතර ඊයේ නිමාවට පත් වූ දකුණු අප්‍රිකාවට එරෙහි ව පැවති නෙදර්ලන්ත තරගයේ ද තවත් ඓතිහාසික ජයක් ලියැවුණා.

ඒ නෙදර්ලන්තය විසින් ප්‍රබල දකුණු අප්‍රිකාව ලකුණු 38කින් පරාජයට පත් කිරීමෙන්.

දකුණු අප්‍රිකාවේ ඇරයුමෙන් පළමු ව ලකුණු රැස් කළ නෙදර්ලන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් සීමා වූ පන්දුවාර 43 තුළ ලකුණු 245ක් ලබා ගත්තා.

සිය ඉනිම් සගයන් එකා පිට එකා දැවී යද්දිත් තරගයේ ඉනිම ගොඩනැගීම අත නොහැරි නායක ස්කොට් එඩ්වර්ඩ්ස් නොදැවී ලකුණු 78ක් රැස් කරමින් සහ දකුණු අප්‍රිකාව දුන් උඩ පන්දු 03ක් රැක ගනිමින් තරගයේ වීරයා සම්මානය හිමි කරගනු ලැබුවා.

Logan van Beek කඩුලු 03ක් ද, Paul van Meekeren, Roelof van der Merwe සහ Bas de Leede කඩුලු 02ක බැගින් ද බිඳ දැමුවේ, එක් කඩුල්ලක අයිතිය Colin Ackermann ට හිමිකර දෙමින්.

දකුණු අප්‍රිකාව ලැබූ මෙම තරග පරාජය සමග මෙතෙක් ඔවුන් ක්‍රීඩා කළ තරග 04න් පරාද වූ පළමු තරගය ද මෙය ලෙසටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24