ලෝක කුසලානයේ තවත් තරගයක් අද – ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව තවදුරටත් පෙරමුණේ

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 16 වැනි තරගය අද පස්වරු 02ට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.

ඒ නෙදර්ලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර යි.

නෙදර්ලන්ත කණ්ඩායම මේ වනවිට එක්දින ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දුන් තරග තුනම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට ගමන් කිරීමට නම් අද පැවැත්වෙන තරගය ජය ගැනීම වැදගත් වනවා.

එම ජයග්‍රහණය සිදු වුවහොත් තරගයේ අපරාජිත කණ්ඩායම් ද්විත්වයෙන් එකක් බවටයි නවසීලන්තය පත්වන්නේ.

මෙතෙක් පැවති තරග 03ම අපරාජිත ව සිටිමින් සිය ආධිපත්‍යය පතුරවන්නට සමත් ව ඇති අනෙක් කණ්ඩායම වන්නේ ඉන්දියාවයි.

ඇෆ්ගන් කණ්ඩායම ක්‍රීඩා කළ තරග 03න් එකක් ජයගෙන ඇති අතර, එම ජයග්‍රහණය ද වත්මන් ලෝක ශූර එංගලන්තයට එරෙහිව ලබා ගැනීම හේතුවෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස ලියැවුණා.

මේ අතර ඊයේ නිමාවට පත් වූ දකුණු අප්‍රිකාවට එරෙහි ව පැවති නෙදර්ලන්ත තරගයේ ද තවත් ඓතිහාසික ජයක් ලියැවුණා.

ඒ නෙදර්ලන්තය විසින් ප්‍රබල දකුණු අප්‍රිකාව ලකුණු 38කින් පරාජයට පත් කිරීමෙන්.

දකුණු අප්‍රිකාවේ ඇරයුමෙන් පළමු ව ලකුණු රැස් කළ නෙදර්ලන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් සීමා වූ පන්දුවාර 43 තුළ ලකුණු 245ක් ලබා ගත්තා.

සිය ඉනිම් සගයන් එකා පිට එකා දැවී යද්දිත් තරගයේ ඉනිම ගොඩනැගීම අත නොහැරි නායක ස්කොට් එඩ්වර්ඩ්ස් නොදැවී ලකුණු 78ක් රැස් කරමින් සහ දකුණු අප්‍රිකාව දුන් උඩ පන්දු 03ක් රැක ගනිමින් තරගයේ වීරයා සම්මානය හිමි කරගනු ලැබුවා.

Logan van Beek කඩුලු 03ක් ද, Paul van Meekeren, Roelof van der Merwe සහ Bas de Leede කඩුලු 02ක බැගින් ද බිඳ දැමුවේ, එක් කඩුල්ලක අයිතිය Colin Ackermann ට හිමිකර දෙමින්.

දකුණු අප්‍රිකාව ලැබූ මෙම තරග පරාජය සමග මෙතෙක් ඔවුන් ක්‍රීඩා කළ තරග 04න් පරාද වූ පළමු තරගය ද මෙය ලෙසටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන යාපනය ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57

?