පකිස්ථාන අගමැති සහ ජනපති රනිල් අතර හමුවක්

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන “එක් තීරයක්-එක් මාවතක්” සමුළුවට සමගාමී ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාකිස්ථානු අග්‍රාමාත්‍ය අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) අතර නිල හමුවක් අද (17) පැවැත්වුණා.

ඒ චීනයේ බීජිං නුවර දීයි.

මෙම සාකච්ඡාවේ දී පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සම්බන්ධයෙන් දෙරටේ නායකයෝ ද්වීපාර්ශ්වික සාකච්ඡාවල දී අවධානය යොමු කර තිබෙනවා.