අසත්‍ය අනාවැකි එපා – රජය ඇත්ත කියනවා

ඉදිරි අයවැය පිළිබඳ අසත්‍ය අනාවැකි ඉදිරිපත් නොකරන්නැයි ඉල්ලා සිටින අතර සත්‍ය තොරතුරු ලබා දීමට රජය සෑම අවස්ථාවකදී ම කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කඩා වැටුණු ආර්ථිකයක් ක්‍රමයෙන් ශක්තිමත් කර ගනිමින් ජනතාව සමග නැගී සිටීමට උත්සහ දරන අවස්ථාවේ ඉදිරි අයවැය පිළිබඳ සත්‍ය වසන් කිරීමේ කිසිදු වුවමනාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අසීරුතම අවස්ථාවේ දී පවා ජනතාවට සත්‍ය වසන් නොකිරීමේ සාධනීය ප්‍රතිඵල අද රටම භුක්ති විඳිමින් ඇති බව ද ඔහු අවධාරණය කරනවා.

අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සුබ සාධන වියදම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සුබවාදී අයවැයක් 2024 වසර සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් බවයි අද (16) පැවැති මාධ්‍ය හමුවක දී සියඹලාපිටිය මහතා පැවසුවේ.

  1. ANE PALA DO, YHOPI 20222 APRIL WENAKAM KIYUWADA DOLLAR RESERVES IWARAYI KIYALA. THOPI IMPORT KALA CBG EKA PARATAM BANKOLOTH UNA WAGEYI RAKA BANKOLOTH NAYA GEWANNA BAHE KIYUWA. THOPI CHEMICAL POHORA EKA PARATAMA BAN KARALA COPOST ALATA MARU KARALA RATA WAGAWAN WINASA KALA, KIYUWA DHA KALIN. THOPI PETROL DIESEL GAS, BHUMITHEL NATHI WENAWA KIYALA KALIN KIYUWADHA, NAHANE. THOPI HEMA EKAKAMA MILA 4-5 GUNAYAKIN EKWAR WADI KALA KIYUWADA KALIN. THOPI LIGHT WATHURA TELEPHONE EKAWARA WADI KALEYI KIYALADA, THOPI BADHU, WADHI KALEYI KIYALADHA. THOPI BUS GASTHU, ATHULU HEMA DEMA KALEYI KALIN KIYALADHA. THOPI EKEWATH APITA PENNAMA BAHE. THOPI PANNALA DANA DAWASA ENAKAM API BALAGENA INNE NOIWASILLEN. HEBAYI RATEYI UN EKATHUWELA THOPI PANNALA DANAWA DANAWA DANAWA MA THAMAYI.