සංචාරක යුවළගේ මුදල් සොරකම් කළ හෝටල් සේවකයා අත්අඩංගුවේ

මහනුවර ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි පාකිස්ථාන ජාතික යුවළකගේ මුදල් පසුම්බියෙන් ඩොලර් 900ක මුදලක් සොරකම් කිරීමේ චෝදනා මත එම හෝටලයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඊයේ (14) මෙම පාකිස්ථාන යුවළ නවාතැන් ගෙන සිටි කාමරය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ මුදල් සොරාගෙන ඇති බවටයි පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ.

කොළඹ ප්‍රදේශයේ සංචාරයක නිරතව සිට මහනුවර දක්වා පැමිණි වෑන් රථයේ රියදුරාට ලබාදීම සඳහා වෙන්කර තිබූ ඩොලර් 900ක මුදල සැකකාර හෝටල් සේවකයා විසින් සොරා ගෙන ඇති බව සඳහන්.

රියදුරා අදාළ මුදල ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ මුදල් පසුම්බියේ තිබූ මුදල එහි නොතිබීම නිසා පාකිස්ථාන යුවළ ඒ පිළිබඳ හෝටල් කළමනාකාරීත්වය දැනුවත් කර තිබෙනවා.

පසුව මහනුවර පොලිසියේ සංචාරක පොලිස් ඒකකයට සිද්ධිය දැනුම් දීමෙන් පසු නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු මීට පෙර ද තරු පන්තියේ හෝටල් කිහිපයක සේවය කරමින් සිටිය දී මුදල් සොරකම් කළ බවට චෝදනා ලබා ඇති අයෙක් බව ද සඳහන්.

අදාළ මුදල් සොයා ගැනීමෙන් පසු සැකකරු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ වනවිට පාකිස්ථාන ජාතික යුවළ කොළඹ බලා පිටත්ව ගොස් තිබූ අතර අධිකරණ නියෝග මත අදාළ මුදල ඔවුන්ට බාර දීමට පොලිසිය පියවර ගනු ලැබුවා.

පැමිණිල්ල කිරීමෙන් පසු පොලිසිය වහාම ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන තම මුදල් සොයා දීමට කටයුතු කිරීම පිළිබඳව අදාළ යුවළ පොලිසියට විශේෂ ස්තූතියක් පළකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?