AFC Banner
Empty Ad
Empty Ad

ගසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අද (15) දහවල් 1ට පමණ වටවල හා ගලබඩ යන දුම්රිය ස්ථාන අතර දී මෙම ගස කඩා වැටී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් එම මාර්ගයේ පැමිණි බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා.

ගස ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?