අයවැයෙන් පඩි වැඩිවීමක් ? – අවුරුදු දෙකක් යනකල් මැතිවරණ නෑ

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවන බවට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය නැගෙනහිර ආසනයේ ශාඛා සමිති ප්‍රතිසංවිධාන කටයුතුවලට ඊයේ (14) එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරටට ලබා දී ඇති ණය සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රටවල් කිහිපයක් දැනටමත් එකඟතාවය පළකර ඇති බවයි.

ඒ, අනුව ලබන මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීමට හැකි බවයි ඔහු පැවසුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල මෙරටට ලැබීමෙන් පසු නවතා දමා ඇති සංවර්ධන කටයුතු සියල්ල යළි ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළා.

තවත් වසර දෙකක් යනතුරු රට තුළ මැතිවරණ නොපැවැත්වෙන බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
9
+1
1
+1
1
+1
4
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21