ඩිජිටල් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වූ ක්‍රියාවලියට ලෝක බැංකුවේ අඛණ්ඩ තාක්ෂණික සහාය

වසර 2030 වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමු කරමින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් උපයාදීම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කර ඇති “ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වූ 2030 උපාය මාර්ගික ක්‍රියාවලිය” වෙනුවෙන් ලෝක බැංකුවේ අඛණ්ඩ තාක්ෂණික සහාය හිමි වී තිබෙනවා.

ඒ අනුව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය සවිබල ගැන්වීමේ මුලපිරීමක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය DigiGo සන්නාමය යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ඩිජිටල් ප්ලේබුක් (Digital Playbook) එළිදැක්වීම තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී සිදු වුණා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ලබා ගත හැකි සහ දැරිය හැකි දේශීය ඩිජිටල් සේවාවන් සඳහා යොමු කිරීම අරමුණු කර ගනිමින් කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සහ තාක්‍ෂණ අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ LK Domain Registry ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ ඩිජිටල් සේවා අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබනවා.

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (SMEs) ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රමුඛ සාධකයක් වන අතර මෙරට ආර්ථිකයට 52%ක් පමණ දායකත්වයක් සපයනු ලබනවා. මෙරට ව්‍යාපාරික අංශයේ 75% කට වඩා වැඩි ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වන අතර ඉන් අපනයන ක්ෂේත්‍රයේ 20%ක දායකත්වයක් ලබා දෙනවා.

නවින තාක්ෂණය සහ ව්‍යාපාර සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නංවාලීමටයි DigiGo වැඩසටහන මගින් අපේක්ෂා කෙරෙන්නේ.

කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර ඩිජිටල්කරණයට උපකාර කිරීම අරමුණු කරගත් පළමු DigiGo වැඩසටහන කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 20 වැනිදා ගාල්ලේදී පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා,

DigiGo 2030 හි ප්‍රධාන අරමුණ වන්නේ 2030 සඳහා ජාතික ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කිරීමයි. ඩිජිටල් ආර්ථික උපාය මාර්ගය නිර්මාණය කිරීමේ ප්‍රධාන කුළුණු හය අතරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ද ඇතුළත් වෙනවා.

ඒ අනුව ඩිජිටල් ආර්ථික ක්‍රමෝපායට සහය දැක්වීමට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කෙරෙහි අවධානය යොමු කිරිම ඉතා වැදගත් වෙනවා. ලංකාවේ සියලු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකුටම ඩිජිටල් පරිවර්තනය සහ එහි ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමේ පදනම මෙම දියත් කිරීමත් සමඟ සැකසෙනවා. ලෝක බැංකුව මෙම ක්‍රියාවලිය සඳහා අඛණ්ඩ තාක්ෂණික සහාය ලබා දීමට ඉදිරිපත් වී තිබෙනවා.

මෙහිදි අදහස් දැක්වූ ලෝක බැංකුවේ දේශීය කළමණාකාර (මාලදිවයින සහ ශ්‍රී ලංකාව) චියෝ කන්දා මහත්මිය,

DigiGo හඳුන්වා දීම මගින් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට ඩිජිටල් ව්‍යාපාර සංවර්ධන සේවා හඳුන්වා දෙනු ලබනවා. ඩිජිටල් සංවර්ධනය අපේ කාලයේ පරිවර්තනීය අවස්ථාවක්. එය ගෝලීය සහ දේශීය අභියෝගවලට මුහුණ දීම, නව රැකියා සහ වෙළෙඳපොළ නිර්මාණය කිරීම සහ මූල්‍ය වෙත ප්‍රවේශය පුළුල් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදී යළි නැඟී සිටිමින් සිටින අවස්ථාවක ඊට ඔරොත්තු දෙන සහ උපරිම තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීමට මෙම අවස්ථාව භාවිතා කළ යුතුයි. ඒ අනුව වසර 2030 වන විට ජාතික ව්‍යාපාරික උපාය මාර්ගයක් සකස් කර ක්‍රියාවට නැංවීමේ රජයේ ඉලක්කය මෙම වැඩපිළිවෙළේ වැදගත් පියවරක් වෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ජාතික ආදායමට දායක වීමට ගෝලීය ඩිජිටල් ආර්ථිකය සැලකිය යුතු දායකත්වයක් සපයන බව කිව යුතුයි.

කෙසේ වෙතත්, ගෝලීය වශයෙන් සහ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සීමිත සම්පත් සහ දැනුම ප්‍රමාණවත් නොවීම සමඟ ඩිජිටල් පරිවර්තනයන්ට යොමු වීමේ දී බොහෝ අභියෝගවලට මුහුණ දෙනු ලබනවා.

ඩිජිටල් ආර්ථිකයක් කරා පරිවර්තනය වීමේදී අවශ්‍ය දැනුම ලබාදිමේ හවුල්කරුවෙකු වීම පිළිබඳව ලෝක බැංකුව ආඩම්බර වන අතර ඉදිරි ජාතික ඩිජිටල් උපාය මාර්ගය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විමධ්‍යගත කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වීම පිළිබඳව ද සතුටු වෙනවා.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා 2030 ජාතික උපාය මාර්ගය සකස් කිරීමේදී රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අවශ්‍ය තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දීමට අප කටයුතු කරනවා.

DigiGo, දත්ත විශ්ලේෂණවල සිට ඊ-වාණිජ්‍යය දක්වා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට දැනුම බෙදාගැනීම සඳහා වේදිකාවක් සැපයීම මෙන්ම කර්මාන්තයේ ප්‍රවීණයන්ගේ නැගී එන ප්‍රවණතා, හොඳම භාවිතයන් සහ ඩිජිටල් නවෝත්පාදන මෙහෙයවන උපාය මාර්ග පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙමගින් අරමුණු කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ ( FITIS ) සභාපති ඉන්දික ද සොයිසා මහතා මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39