ගාසා තීරය ආසන්නයේ රැඳී සිටින හමුදාවට ඊශ්‍රායල අගමැතිගෙන් දැනුම්දීමක්

පසුගිය පැය 24 තුළ පමණක් ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරවලින් පලස්තීනුවන් 400කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව පලස්තීන Wafa ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.

තවත් 1500කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ගාසා නගරයේ මරණ 260ක්, මධ්‍යම ගාසා තීරයේ ඩීර් අල්-බාලාහි මරණ 80ක් සහ උතුරු ජබාලියා සරණාගත කඳවුරේ මරණ 40ක් මෙයට ඇතුළත්.

ඊට අමතරව බෙයිට් ලහියා නගරයේ දී තවත් පලස්තීන ජාතිකයන් 10 දෙනෙකු ද, දකුණු ඛාන් යුනිස් හි දී 20 දෙනෙකු ද මිය ගිය බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර උතුරු ගාසා තීරයේ සිට පලස්තීනුවන් පිටත්ව යද්දී, කාන්තාවන් සහ කුඩා ළමුන් ඔවුන්ගේ වාහනවල ගැටීමෙන් මියගිය ගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සහ ජනක යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිකම හේතුවෙන් ගසා තිරයේ රෝහල්වල තත්ත්වය පිරිහෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව වෛද්‍ය කාර්ය මණ්ඩලයට රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව හීන වෙමින් පවතින බව සඳහන්.

එමෙන්ම ගාසා තීරයේ සිදුවෙමින් පවතින දෙයට මැදිහත් වන ලෙස වෛද්‍ය කණ්ඩායම් ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, ගාසා තීරයේ වෛද්‍ය කණ්ඩායම් මානුෂීය කොරිඩෝවක් ඉල්ලා සිටිනවා.

මේ අතර පලස්තීනුවන් වෙනුවෙන් පිහිටුවා ඇති ආරක්ෂිත නවාතැන් තවදුරටත් ආරක්ෂිත නොවන බවත් මිලියන 02 කට වැඩි පලස්තීන ජනතාවට ජලය ලබාගැනීම ගැටළුවක් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඊයේ රාත්‍රියේත් ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ගසා තීරයට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම ඉතාමත් ඉක්මණින් ඊශ්‍රායල හමුදාව ගොඩබිමින් ගාසා තීරය ආක්‍රමණය කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීළඟ මෙහෙයුම ඉතාමත් ඉක්මණින් ආරම්භවන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරය ආසන්නයේ රැඳී සිටින හමුදාවට දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14