ගාසා තීරයෙන් ඉවත්ව යන පිරිසකට එල්ල වූ ප්‍රහාරයකින් ළමයින් ඇතුලු පිරිසක් ජීවිතක්ෂයට

ගාසා තීරයෙන් ඉවත්ව ආරක්ෂිත ස්ථාන වෙත යමින් සිටි පිරිසකට එල්ලවූ ප්‍රහාරයකින් කාන්තාවන් සහ කුඩා ළමුන් ඇතුලු පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මියගොස් ඇති ළමයින් අවුරුදු 2ත් 5ත් අතර වන පිරිසක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ ඊශ්‍රායලය ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ ජීවත්වන ලක්ෂ 11ක පමණ ජනතාවකට දැනුම්දී තිබුණේ වහාම ක්‍රියාත්මක වන පරිදි දකුණු ප්‍රදේශයේ පිහිටි ආරක්ෂිත ස්ථාන වෙතට යොමුවන ලෙසටයි.

එම නිවේදනය අනුව විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවෙමින් පවතින අතර එලෙස ගමන් කළ පිරිසකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවටයි වාර්තා වන්නේ.

හමාස් සංවිධානය ඊශ්‍රායලයට කඩා වැදීම හමුවේ මේවන විට පුද්ගලයන් 1300කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා.

ප්‍රති ප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හමුවේ පුද්ගලයන් 2200කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි පලස්තීන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර පසුගිය සෙනසුරාදා ගැටුම ආරම්භයේ සිට ගාසා තීරයේ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 28ක් මියගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

වෛද්‍ය මධ්‍යස්ථාන 15කට ද හානි සිදුව ඇති බව ද සඳහන්.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙහෙයුම්වල නිරත ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් වෙත ගොස් සාකච්ඡා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

ට්විටර් සටහනක් තබමින් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් ඊළඟ අදියර සඳහා සූදානම් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51