ජනපති “Image Expo 2023” ප්‍රදර්ශනය නැරඹීමට එක් වෙයි

CameraLK ආයතනය තුන්වන වරටත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සංවිධානය කරනු ලැබු “Image Expo 2023” ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ එක් වී තිබෙනවා.

“Image Expo 2023” හරහා ලෝකයේ ප්‍රමුඛතම වෙළෙඳ සන්නාම හා සමාගම්වල නවතම තාක්ෂණය එකම වහලක් යටදි අත්විදීමට වෘත්තිමය මෙන්ම විනෝදාංශයක් ලෙසත් ඡායාරූපකරණයේ හා වීඩියෝකරණයේ යෙදෙන්නන්ට අවස්ථාව හිමිවනවා.

මෙහිදී සෝනි සන්නාම තානාපතිවරුන් ලෙස ජනප්‍රිය ඡායාරූප ශිල්පීන් වන දිමිත්‍රි කෲස් සහ තිළිණ කළුතොටගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ලැබූවා.

සම්මානලාභී වනජීවි ඡායාරූප ශිල්පියකු වන ලක්ෂිත කරුණාරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත වනජීවි ඡායාරූප එකතුවක් ද ප්‍රදානය කර තිබෙනවා.

CameraLK ආයතනය විසින් ජනාධිපති මාධ්‍ය අංශය වෙත අති නවීන තාක්ෂණයෙන් යුත් ඩ්‍රෝන කැමරාවක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

Image Expo 2023 ප්‍රදර්ශනය ඊයේ ආරම්භ කෙරුණු අතර එය හෙටින් (15) අවසන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19