ඇස් රෝගයක් නිසා යටියන්තොට පාසලකත් පන්ති කිහිපයක් වැසේ

ඇස්වල හටගත් සංකූලතාවයක් හේතුවෙන් යටියන්තොට සිරිවර්ධන විද්‍යාලයයේ 5 ශ්‍රේණියේ පන්ති තුනක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ එම පාසැලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 13 දෙනෙකුට පමණ ඇස්වල හටගත් සංකූලතාවයක් හේතුවෙන් පන්ති තුනක සිසු සිසුවියන්ට නිවාඩු ලබාදී ඇති බවයි.

විදුහලේ විදුහල්පතිවරයා විසින් පළාත් බලධාරීන්ගේ අවසරය මත මෙම නිවාඩු ලබාදීම සිදුකර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් පාසැලට පැමිණ පරීක්ෂා කිරීම් සිදුකර අවශ්‍ය උපදෙස් ලබාදුන් බවයි යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දුමිත් සෙනවිරත්න මහතා සඳහන් කළේ.

මේ අතර කොටහේන ප්‍රදේශයේ පාසලක පන්ති කිහිපයක් ද මේවන විට මෙම රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් වසා දමා තිබෙනවා. එම විද්‍යාලයේ සිසුන් 40කට පමණ මෙම අක්ෂි රෝගය වැළඳී ඇති බවටයි වාර්තා වුණේ.

කලුතර ගල්පාත ප්‍රදේශයේ පාසලක ද අක්ෂි රෝගයක් ව්‍යාප්ත වීම හේතුවෙන් 5 ශ්‍රේණිය දින කිහිපයකට වසා දැමීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබෙනවා.

සිසුන් කිහිප දෙනෙකුට පමණක් රෝගය වැළඳී තිබුණ ද අනෙක් සිසුන්ට ද එය ආසාදනය වුවහොත් ලබන ඉරිදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමේ බාධා මතුවිය හැකි බැවින් මෙලෙස පන්ති වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර දරුවන් අතර පැතිර යන මෙම අක්ෂි රෝගය පිළිබඳ අනියත බියක් ඇති කර නොගත යුතු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වැළකි සිටීමට මව්පියන් පියවර ගත යුතු බවද සෞඛ්‍ය අංශ පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41