ලෝක උරුමයන් ලෙස නම් කිරීමට ශ්‍රී ලංකාවේ නව ස්ථාන 10ක්

වසර ගණනාවක් තිස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පවතින සේවක පුරප්පාඩු පිරවීමේ ගැටලුව විසඳීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මැදිහත් වී තිබෙනවා.

පුරාවිද්‍යා ජාතික ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අදාළව ලබාදුන් උපදෙස් පිළි නොපැදීම සම්බන්ධයෙන් ද කාරක සහාවේ අප්‍රසාදය පළවූ බවයි සඳහන් වන්නේ.

ගැසට් මගින් ප්‍රකාශට පත්කළ පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා කිරීම සඳහා බිම් මට්ටමින් පියවර ගන්නා ලෙසට කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ලෝක උරුමයන් ලෙස නම් කිරීම සඳහා මෙරට නව ස්ථාන 10ක් හඳුනාගෙන ඇතැයි ද පුරාවිද්‍යා නිලධාරීන් කාරක සභාවට දන්වනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශය තුළ මුහුදු පුරා වස්තු 114ක් ඇති බවට ද මෙහිදී සඳහන් වී තිබෙනවා.

වසර ගණනාවක්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පවතින සේවක පුරප්පාඩු පිරවීමේ ගැටලුව විසඳීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මැදිහත් වන බවයි රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ.

අදාළ පුරප්පාඩු සම්පුර්ණ නොකිරීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු සාර්ථක කර ගැනීමට අපහසු වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

මේ පිළිබඳ කරුණු සාකච්ජා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

පසුගිය මැයි මස 24 වනදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ජා කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙදින කාරක සභාව හමුවට කැඳවා තිබුණා.

කාරක සභාව හමුවේ කරුණු දක්වමින් නිලධාරීන් ප්‍රකාශ කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර, ක්‍රියාත්මක කරමින් පවතින කාර්යයන් ඉදිරියට ගෙන යාමටනම් එම දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු සඳහා දැනට පවතින පුරප්පාඩු 27 සම්පූර්ණ කළ යුතු බවයි. එම පවතින පුරප්පාඩු හේතුවෙන් දෙපාර්තමේන්තුවේ බොහෝ කටයුතු මග නතර වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කළා.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ජා කර මෙම ගැටලුව වහාම විසදීමට මැදිහත් වන බවයි කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේ.

රට තුළ තිබෙන සියලු පුරාවිද්‍යා ස්ථාන සිතියම් ගත කිරීම හා ඒවා වෙබ් අඩවියට ඇතුළත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාව විමසීමක් කර තිබෙනවා. මේ වනවිට පුරාවිද්‍යා ස්මාරක 1565ක ප්‍රමාණයක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙන බව නිලධාරීන් කාරක සභාවට ප්‍රකාශ කළා. මේ වන විට රට පුරා හඳුනාගෙන ලේඛන ගත කර ඇති පුරාවිද්‍යා ස්මාරක ප්‍රමාණය 5664ක් වන බවත් ඉන් 2773ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවත් කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. ඒ අනුව හඳුනාගෙන ගැසට් කර ඇති පුරාවිද්‍යා ස්මාරක ප්‍රමාණය හෝ වෙබ් අඩවියට ඇතුළත් නොකිරීම ගැන කාරක සභාව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවා. ඒ අනුව ඉහළ නිලධාරී තනතුරුවල පවතින පුරප්පාඩු හේතුවෙන් එම කටයුතු ඉදිරියට කරගෙනයාම අපහසු වී ඇති බවයි නිලධාරීන් සඳහන් කළේ. ගැසට් මගින් ප්‍රකාශට පත්කළ පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම්බන්ධ කර ගනිමින් බිම් මට්ටමින් ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කරන ලෙසට ද කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිත පුරාවිද්‍යා ජාතික ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අදාළ කරණා සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියෙහි සඳහන් ආයතන කැඳවා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගෙන ඒ අනුව කටයුතු කරන ලෙස, කාරක සභාව ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් සභාපතිවරයා සිය අප්‍රසාදය පළ කරනු ලැබුවා. ඒ අනුව මසක් ඇතුළත අදාළ සියලු ආයතන කැඳවා කාරක සභාව ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කරන ලෙසටයි සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේ.

ලෝක උරුමයන් ලෙස නම් කිරීමට යුනෙස්කෝ ආයතනයට යෝජනා කිරීම සඳහා මේ වන විට ස්ථාන 10ක් හඳුනාගෙන ඇති බව පුරාවිද්‍යා නිලධාරීන් කාරක සභාවට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව එම ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාවට වාර්තාවක් ලබා දෙන ලෙසටයි සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේ.

කිමිදුම්කරුවන් සඳහා ජීවිත රක්ෂණයක් ලබාගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවේ දැනට ව්‍යාපාරික කටයුතු සිදුකරනු ලබන සියලුම රක්ෂණ ආයතනවල නියෝජිතයින් සමග දීර්ඝ ලෙස සාකච්ජා සිදුකළ බවත් ඉන් එක් නියෝජිත ආයතනයක් වන සෙලින්කෝ ආයතනය පමණක් කිමිදුම්කරුවන් සඳහා රක්ෂණාවරණයක් ලබාදීමට මුලික එකඟතාවය පළකර තිබෙන බව නිලධාරීන් ප්‍රකාශ කළා.

මේ අතර ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශයතුල පවතින මුහුදු පුරා වස්තු 114ක් හඳුනාගෙන ඒවායේ සියලු තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් පවත්වාගෙන යන බව ද නිලධාරීන් කමිටුව ඉදිරියේ කරුණු ඉදිරිපත් කළා. ගොඩබිම තුළ ස්මාරක ලෙස පමණක් පවතින පුරා වස්තු ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ හැකි වුවත් මුහුදු පුරාවස්තු ගැසට් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව නිලධාරීන් ප්‍රකාශ කළ අතර, කාරක සභාව උපදෙස් ලබාදුන්නේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් පනත විමර්ශනය කර ගැසට් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මෙහිදී රටතුළ සිදු කරන පුරාවිද්‍යා කැණීම් ප්‍රමාණයන් හා අදාළ සියලු විස්තර පිළිබඳ යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් පවත්වාගෙන යන්නේදැයි කාරක සභාව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා. කෙසේ වෙතත් කාරක සභාව ලබාදුන් නිර්දේශ මත, එම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සිදු නොවන බවයි අනාවරණය වූයේ. ඒ පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව අදාළ නිලධාරීහු කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අත්තනගල්ල පාරුව සංරක්ෂණය කිරීමේ ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වුණා. ඒ අනුව අදහස් දැක්වූ පුරාවිද්‍යා නිලධාරීහු එම අත්තනගල්ල පාරුව වසර දහසකට වඩා පැරණි බවයි පෙන්වා දුන්නේ. ඒ සඳහා වන කාබන් නිර්ණයද සිදුකර ඇති බවත්, එහි ඇතැම් කොටස් නැවත ප්‍රතිසංස්කරණය සිදු කළ හැකි බව කාරක සභාව හමුවේ අදහස් දක්වමින් එම නිලධාරීන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33