චමරි අතපත්තුට ICCයෙන් තෑග්ගක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසට (ICC Women’s Player of the Month for September 2023) ශ්‍රී ලංකා කණ්ඩායමේ චමරි අතපත්තු නම් කර තිබෙනවා.

එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙනුයි චමරි අතපත්තුට මෙම අවස්ථාව ලැබී ඇත්තේ.

එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී ලැබූ එම ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලැබූ පළමු ජය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

චමරි අතපත්තු සමග දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් වන ලෝරා වොල්වාඩ්ට් සහ නදීන් ද ක්ලර්ක් සැප්තැම්බර් මාසයේ ක්‍රීඩිකාව ලෙසට යෝජනා වී තිබුණා.

ඔවුන් දෙදෙනා අභිබවා චමරි මෙම ස්ථානයට පත්වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහි තීරණාත්මක තරඟාවලියේදී චමරි අතපත්තු ලකුණු 114 ක් රැස්කරමින් සහ කඩුලු 5 ක් දවා ගත් අතර එම තරගාවලියේ වීරයා ලෙස ද නම් කෙරුණා.

මේ අතර සැප්තැම්බර් මාසයේ ක්‍රීඩකයා ලෙසට ඉන්දීය කණ්ඩායමේ නැගී එන ක්‍රීඩක ශුබ්මන් ගිල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ මොහොමඩ් සිරාජ් සහ එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් මිලාන් මාසයේ ක්‍රීඩකයා වෙනුවෙන් යෝජනා වී තිබුණා. ඔවුන් අභිබවමිනුයි ශුබ්මන් ගිල් මෙම ස්ථානයට පත්වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48