හමාස් මරා දැමූ ඊශ්‍රායල දරුවන්ගේ ඡායාරූප නිකුත් කරයි

පසුගිය සඳුදා ගාසා තීරයේ ඇති වූ යුදමය පසුබිම උග්‍ර වීම් හමුවේ පලස්තීනයේ හමාස් ත්‍රස්ත සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ මියගිය දරුවන්ගේ ඡායාරූප ඊශ්‍රායලය මගින් නිකුත් කර තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ට සහ නේටෝ ආරක්ෂක අමාත්‍යවරුන්ට මියගිය දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ ග්‍රැෆික් ඡායාරූප ඊශ්‍රායලය විසින් පෙන්වනු ලැබ ඇති බවයි.

හමාස් ත්‍රස්තවාදීන් විසින් එම ඡායාරූපවල සිටින දරුවන් සහ සිවිල් ප්‍රජාව ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් යුද ගැටුම් නිරාකරණයට අමෙරිකාවේ සහ නේටෝවේ සහාය ලබාදීමටයි මේ සමග තීරණය කර ඇත්තේ.

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය මගින් සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ගාසා සටන්කාමීන්ට එරෙහි ව ගෝලීය කෝපය ඇවිස්සීමට ගත් උත්සාහයේ කොටසක් ලෙස ලේ විලක් මැද මියගිය ළදරුවෙකුගේ සහ පිළිස්සුණු සිරුරක පින්තූරයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවත් රොයිටර්ස් පවසනවා.

බ්ලින්කන් විදෙස් මාධ්‍ය වාර්තාකරුවන්ට පැවසුවේ වෙඩි උණ්ඩවලින් පහර කෑ ළදරුවෙකු, සොල්දාදුවන්ගේ හිස ගසා දැමූ සහ තරුණයින් ඔවුන්ගේ මෝටර් රථවල හෝ සැඟවී සිටින ස්ථානවල පණපිටින් පුළුස්සා දැමූ ඡායාරූප සහ වීඩියෝ තමා සියැසින් දුටු බවයි.

බ්ලින්කන් වැඩිදුරටත් පවසන්නේ එය කෙතරම් බිහිසුණු දැයි තමාට විශ්වාස කළ නොහැකි බවයි.

1948 ඊශ්‍රායලය ආරම්භ කිරීමෙන් පසු පලස්තීන සටන්කාමීන් විසින් එල්ල කරන ලද මාරාන්තික ම ප්‍රහාරය මෙය ලෙසයි සැලකෙන්නේ.

1,300කට අධික සංඛ්‍යාවක් මරා දැමූ මෙම ඝාතකයින් ව සමූල ඝාතනය කිරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය රට වැසියන්ට පොරොන්දු වී තිබෙනවා.

image
  1. පලස්තිනු සටන් කරැවන් ලොවෙන් අතුගා දැමිය යුතුයියුතුයි🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18