හමාස් මරා දැමූ ඊශ්‍රායල දරුවන්ගේ ඡායාරූප නිකුත් කරයි

පසුගිය සඳුදා ගාසා තීරයේ ඇති වූ යුදමය පසුබිම උග්‍ර වීම් හමුවේ පලස්තීනයේ හමාස් ත්‍රස්ත සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ මියගිය දරුවන්ගේ ඡායාරූප ඊශ්‍රායලය මගින් නිකුත් කර තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ට සහ නේටෝ ආරක්ෂක අමාත්‍යවරුන්ට මියගිය දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ ග්‍රැෆික් ඡායාරූප ඊශ්‍රායලය විසින් පෙන්වනු ලැබ ඇති බවයි.

හමාස් ත්‍රස්තවාදීන් විසින් එම ඡායාරූපවල සිටින දරුවන් සහ සිවිල් ප්‍රජාව ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් යුද ගැටුම් නිරාකරණයට අමෙරිකාවේ සහ නේටෝවේ සහාය ලබාදීමටයි මේ සමග තීරණය කර ඇත්තේ.

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය මගින් සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ගාසා සටන්කාමීන්ට එරෙහි ව ගෝලීය කෝපය ඇවිස්සීමට ගත් උත්සාහයේ කොටසක් ලෙස ලේ විලක් මැද මියගිය ළදරුවෙකුගේ සහ පිළිස්සුණු සිරුරක පින්තූරයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවත් රොයිටර්ස් පවසනවා.

බ්ලින්කන් විදෙස් මාධ්‍ය වාර්තාකරුවන්ට පැවසුවේ වෙඩි උණ්ඩවලින් පහර කෑ ළදරුවෙකු, සොල්දාදුවන්ගේ හිස ගසා දැමූ සහ තරුණයින් ඔවුන්ගේ මෝටර් රථවල හෝ සැඟවී සිටින ස්ථානවල පණපිටින් පුළුස්සා දැමූ ඡායාරූප සහ වීඩියෝ තමා සියැසින් දුටු බවයි.

බ්ලින්කන් වැඩිදුරටත් පවසන්නේ එය කෙතරම් බිහිසුණු දැයි තමාට විශ්වාස කළ නොහැකි බවයි.

1948 ඊශ්‍රායලය ආරම්භ කිරීමෙන් පසු පලස්තීන සටන්කාමීන් විසින් එල්ල කරන ලද මාරාන්තික ම ප්‍රහාරය මෙය ලෙසයි සැලකෙන්නේ.

1,300කට අධික සංඛ්‍යාවක් මරා දැමූ මෙම ඝාතකයින් ව සමූල ඝාතනය කිරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය රට වැසියන්ට පොරොන්දු වී තිබෙනවා.

image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
2
+1
1
+1
22
+1
8
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?