AFC Banner
Empty Ad
Empty Ad

ස්ටැල්ලි මාවතේ නාඳුනන කාන්තා මළසිරුරක්

යාපනය පොලිස් වසමෙන් නාඳුනන කාන්තා මළසිරුරක් හමු වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊයේ සවස් කාලයේ දී යාපනය – ස්ටැල්ලි මාවතේ දී මෙම මළසිරුර සොයාගත් බවයි.

මෙසේ මියගොස් ඇත්තේ 65 හැවිරිදි මෙතෙක් අනන්‍යතාව හෙළි නොවූ කාන්තාවක්.

මරණකාරිය උසින් අඩි 05යි අඟල් 05ක් පමණ වන තලෙළු, සිහින් සිරුරක් සහිත තැනැත්තියක්.

මරණය සිදු වන අවස්ථාවේ දී ඇය උඩුකයට නිල් පාට හැට්ටයක් සහිත දුඹුරු පාට සාරියකින් සැරසී සිට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?