AFC Banner
Empty Ad
Empty Ad

ලබන 28 වනදා අර්ධ චන්ද්‍රග්‍රහණයක්

ශ්‍රී ලංකාවේ ජනතාවට අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙන බව තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

ලබන 28 වනදා රාත්‍රී 11.32ට අර්ධ චන්ද්‍ර ග්‍රහණය සිදුවන අතර එය 29 වැනිදා අලුයම 1.05 සිට අලුයම 2.23 දක්වා ශ්‍රී ලංකාවට දිස්වන බවයි මහාචාර්යවරයා කියාසිටියේ.

මෙම මාසය තුළ අර්ධ චන්ද්‍රග්‍රහණයට අමතරව වළයාකාර සූර්යග්‍රහණයක් ද සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළා.

මහාචාර්යවරයා කියාසිටියේ සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවුව ද චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වන බවයි.

ඔක්තෝබර් 14 වනදා සිදු වන වලයාකාර සූර්යග්‍රහණය අමෙරිකාව, මෙක්සිකෝව, කොළොම්බියාව සහ බ්‍රසීලය යන රටවලට දිස්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?