කඩල කියා ගෙන්වූ ලක්ෂ ගණනක උදු රේගුවෙන් අල්ලයි (වීඩියෝ)

රුපියල් තුන්කෝටි දස ලක්ෂයක වටිනාකමින් යුත් උදු තොගයක් කඩල අඩංගු බහාලුමක් තුළ සඟවා නීතිවිරෝධී ව මෙරටට ගෙන ඒමේ දී ශ්‍රී ලංකා රේගු අධිකාරියේ භාරයට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදු කරනු ලැබුවේ; ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරින් පිරිසක් විසින්.

අදාළ උදු තොගය මෙරටට ගෙන්වා ඇත්තේ ඉන්දියාවේ සිට බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ.

අද පෙරවරුවේ දී මෙම වැටලීම සිදු කර ඇති අතර, වැටලීම සිදු කරන ලද අවස්ථාවේ දී බහාලුම තුළ වූ සියලු ඇසුරුම්වල සටහන් කර තිබී ඇත්තේ කඩල බවට ද හෙළි ව තිබෙනවා.

එකිනෙක පරීක්ෂා කිරීමේ දී මෙට්‍රික් ටොන් 17ක් බරැති මෙම උදු තොගය සොයා ගැනීමට හැකි වූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ.

කොළඹ – මරදාන ප්‍රදේශයේ ආනයනකරුවෙකු විසින් මෙම බහාලුම මෙරටට ගෙන්වා තිබෙනවා.

මෙම උදු තොගය කෙසේ හෝ රේගුවෙන් පිටතට ගියේ නම්; එයින් රටට රුපියල් පනස් එක් ලක්ෂයක බදු ආදායමක් අහිමි වන බවයි රේගුව ගණන් බලා ඇත්තේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15