ඉන්දියාවට කඩුලු 8ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග අද පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

දිල්ලිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 272ක් ලබා ගත්තා.

නායක Hashmatullah Shahidi ලකුණු 80යි. Azmatullah Omarzai ලකුණු 62ක් රැස් කළා. පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 8ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 35ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක රෝහිත් ශර්මා ලකුණු 131ක් රැස් කළේ පන්දු 84කින්. හතරේ පහර 16ක් සහ හයේ පහර 5ක් ඊට ඇතුලත්. ඉෂන් ක්‍රිෂන් 47යි. විරාත් කෝලි නොදැවී ලකුණු 55ක් ලබා ගත්තා.

අද තරගයේදී රෝහිත් ශර්මා ක්‍රිකට් වාර්තා 5ක් ද අලුත් කිරීමට සමත්වුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහරක් සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා වීමට ද රෝහිත් ශර්මාට අද හැකියාව ලැබුණා.

ඇෆ්ගනිස්ථානය සමග අද පැවති තරගයේදී එල්ල කළ හයේ පහර 5ද සමගින් ඔහු මේවන විට ජාත්‍යන්තර තරගවලදී එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 554ක්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් හයේ පහර 553ක් එල්ල කරමින් මෙතෙක් එම වාර්තාව තමන් සතු කරගෙන තිබුණා.

මේවන විට ක්‍රිස් ගේල් වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයන් අතර දෙවන ස්ථානයට පත්ව සිටින අතර හයේ පහර 476ක් එල්ල කර ඇති පාකිස්ථානයේ ශහීඩ් අෆ්රිඩ් 3 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

එමෙන්ම අද තරගයේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාව වෙනුවෙන් වාර්තා වූ වේගවත්ම ශතකයට ද හිමිකම් කීමට ද රෝහිත් ශර්මාට හැකියාව ලැබුණා.

ඔහු අද ශතකය රැස් කළේ පන්දු 63කින්. මෙතෙක් එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ පන්දු 72කින් ශතකයක් ලබාගත් කපිල් දේව් විසින්.

මීට අමතරව වේගවත්ම එක්දින ලෝක කුසලාන ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ද රෝහිත් ශර්මා අද සමත්වුණා.

රෝහිත් ශර්මා ඉනිම් 19කින් ලකුණු 1000 ලබාගෙන සිටින අතර ඩේවිඩ් වෝනර් ද ඉනිම් 19කින් ලකුණු 1000 ලබා සම තත්ත්වයේ පසුවනවා.

මීට අමතරව එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ශතක ලාභියා වීමට ද රෝහිත් ශර්මාට අද හැකියාව ලැබුණා.

රෝහිත් ශර්මා මේවන විට ලෝක කුසලාන තරගවල ශතක 7ක් ලබාගෙන සිටින අතර සචින් තෙන්ඩුල්කාර් ශතක 6ක් සහ කුමාර් සංගක්කාර ශතක 5ක් ලබා සිටිනවා.

එක්දින ලෝක කුසලානයේ පවර් ප්ලේ අවස්ථාව තුලදී වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වීමට ද ශර්මාට අද හැකියාව ලැබුණා.

මෙතෙක් එම වාර්තාව සතුවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ටයි. කුසල් මෙන්ඩිස් පවර් ප්ලේ අවස්ථාවේ ලකුණු 72ක් ලබා සිටියා. රෝහිත් ශර්මා අද එම වාර්තාව තමන් සතු කරගත්තේ ලකුණු 76ක් ලබා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
8
+1
2
+1
1
+1
4
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22