නිස්සංකගෙන් හා මෙන්ඩාගෙන් අනර්ඝ අර්ධ ශතක දෙකක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 8 වැනි තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා අර්ධ ශතකයක් ලබා ගන්නට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ මේ වනවිට පකිස්ථානයට එරෙහි ව හයිද්‍රාබාද් නුවර දී පැවැත්වෙන තරගයට එක්වෙමිනුයි.

ආරම්භක පිතිකරු වශයෙන් පිටියට පැමිණි නිස්සංක අද දිනයේ දී සිය එක්දින දිවියේ 10 වැනි අර්ධ ශතකය ලබාගත්තා.

ඊට හැඩකාර හතරේ පහරවල් 07ක් සහ හයේ පහරක් ඇතුළත්.

නිස්සංක සිය අර්ධ ශතකය ලබා ගැනීමට වැය කළ පන්දු ගණන 58ක්.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ කුසල් පෙරේරා යි.

ඔහුගේ කඩුල්ල හසන් අලී විසින් බිඳ හෙලනු ලැබුවා.

මේ අතර කුසල් මෙන්ඩිස් ද අද දිනයේ දී සිය 27 වැනි අර්ධ ශතකය ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස් සිය අර්ධ ශතකය ලබා ගැනීමට පන්දු 40ක් වැය කළා.

ඊට හයේ පහර 02 ක් සහ හතරේ පහර 07ක් ඇතුළත්.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 107ක් ලබා සිටින්නේ පන්දුවාර 17ක් ආරම්භයේ දියි.

නිස්සංක සහ මෙන්ඩිස් අතර ගොඩනැගුණු සබඳතාව පන්දු 95කට ලකුණු 102ක්.

එය බිඳී ගියේ මීට ටික වේලාවකට පෙර දෙවැනි කඩුල්ල ලෙසට නිස්සංක ශඩබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ දැවී යාමෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18