පිරිවෙන් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට රජයේ සහයෝගය අඛණ්ඩව – අගමැති

පිරිවෙන් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට රජය ලබාදුන් සහයෝගය අඛණ්ඩවම ලබාදෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

සීතාවකපුර නගර සභා ශාලාවේ දී පැවති උත්සවයකට ඊයේ (07) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසූයේ අපේ රටේ බුදු දහම සමඟ වෙනත් ආගම් පැවතියත් එම ආගම් සමඟ කිසිඳු ගැටළුවක් නොමැති බවයි.

එසේ වුව ද සම්බුද්ධ ශාසනයේ කොඳු නාරටිය මතින් ජාතියේ අන්‍යනයතාවය ගොඩනැගීමත් ශිෂ්ඨාචාරය ආරක්ෂාවීමත් සිදු වූ බවයි ඔහු සඳහන් කළේ.

ලෝකයේ පොහොසත් යැයි කියාගන්නා රටවල සිට අමාරුකමින් ජීවත්වන රටවල් දක්වා, අනුකරණවාදී විසඳුම් කරා ගමන් කිරීම හේතුවෙන් සමාජ අර්බුධයන් බවට පත්ව ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා බුදු දහම ලෝකය සහ රජයට ඇති වගකීම් ඇතුළු කරුණු කිහිපයක් ගැන අදහස් දක්වා සිටියා.

මෙරට පිරිවෙන් ගුරු භවතුන් පුහුණු කිරීම සඳහා ඇති ප්‍රථම සහ එකම ආයතනය වන සීතාවක පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයයේ 2015/2016, 2017/2018 සහ 2019/2020 යන වර්ෂවලදී ගුරු පුහුණුව සාර්ථකව නිමකළ පිරිවෙන් ගුරු ස්වාමීන්වහන්සේලා වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණා.

වසර 67 ක ඉතිහාසය තුළ මෙම පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලය විසින් සංවිධානය කළ දෙවන නිල ප්‍රවීනාචාර්ය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මෙය වන අතර, අවසන් වරට එවැනි උත්සවයක් පවත්වා තිබුණේ 2016 වසරේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16