විදෙස් මැති ඇමතිවරුන් රැසක් ඉදිරි දින කිහිපයේ ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ ලබන 11 වනදා කොළඹ දී පැවැත්වීමට නියමිත, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ 23 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා එහි සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ නියෝජිතයන් ඉදිරි සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඕස්ටේලියානු සහකාර විදේශ කටයුතු අමාත්‍ය ටිම් වොට්ස් (Tim Watts), බංග්ලාදේශයේ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මූමන් (Dr A. K. Abdul Momen), ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් (Dr. Subrahmanyam Jaishankar), ඉන්දුනිසායාවේ දේශපාලන නීති සහ දේශපාලන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ උපදේශක ඇඩම් මුලවර්මන් ටුජිඕ (Adam Mulawarman Tugio), ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හුසේන් අමීර් – අබ්දොලාහියන් (Hossein Amir-Abdollahian), මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය දතෝ සෙරි ඩිරජා සම්බ්‍රි අබ්දුල් කදීර් (Dato Seri Diraja Zambry Abdul Kadir), මුරුසියේ විදේශ කටයුතු, කලාපීය සහයෝගීතා සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මනීෂ් ගොබින් (Maneesh Gobin), ඕමානයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් ෂෙයික් ඛලීෆා බින් අලි බින් ඉසා අල්-හර්ති (Sheikh Khalifa bin Ali bin lssa Al-Harthy), ඒ අතර වනවා.

ඊට අමතරව සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අමාත්‍ය අධ්‍යාපන සහ විදේශ කටයුතු පිළිබඳ දෙවන අමාත්‍ය ආචාර්ය මොහෙමඩ් මලිකි බින් ඔස්මන් (Dr Mohamed Maliki Bin Osman), දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය නලෙඩි පන්දෝර් (Dr (Mrs) Naledi Pandor), තායිලන්තයේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය සිහසක් ෆොන්ග්කෙට්කියෙව් (Sihasak Phuangketkeow), එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික සහ වෙළෙඳ කටයුතු සහකාර අමාත්‍ය ෂයිඩ් මුබාරක් අල් හජරි (Sayeed Mubarak Al Hajeri), යේමනයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අස්වන් අබ්දුල්ලාහ් අහමඩ් අල්-ඔවුද් (Awsan Abdullah Ahmed Al-aud) ද කොළඹ දී පැවැත්වෙන අමාත්‍යවරුන්ගේ කවුන්සිල රැස්වීම සඳහා සහභාගී වනු ඇති.

ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය මසහිරෝ කොමුරා (Masahiro Komura), කොරියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය චන්ග් යුන්ග් – වොන් (Chung Byung-won), එක්සත් රාජධානියේ ඉන්දු – පැසිෆික් අමාත්‍ය ඈන් මාරි ට්‍රැවලියන් Anne Marie Trevelyan යන මහත්ම මහත්මීන් මෙහි සංවාද හවුල්කරුවන් ලෙස එක් වීමට නියමිතයි.

අමාත්‍යවරුන්ගේ කවුන්සිලය යනු ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ තීරණ ගැනීමේ ඉහළම ආයතනය යි. මෙම සංගමයේ වත්මන් සභාපතිත්වය දරන බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙහිදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත මීළඟ සභාපති ධුරය භාර දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම කවුන්සිලයේ මුලසුන හොබවනු ඇති.

කවුන්සිලයට පෙර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 25 වැනි රැස්වීම හෙට (09) සහ අනිද්දා (10) දෙදින පැවැත්වීමට නියමිතයි.

1997 වසරේදී පිහිටුවන ලද ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය යනු ඉන්දියන් සාගරයේ වටද්දර ප්‍රදේශවල පිහිටි රාජ්‍යයන්ගෙන් සුසැදි අන්තර් රාජ්‍ය සංවිධානයක්. අප්‍රිකාව, බටහිර ආසියාව, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඕෂනියාව යන කලාපවලට අයත් රටවල් එහි සාමාජිකත්වය දරනු ලබනවා. අද වන විට එහි සාමාජිකත්වය සාමාජික රටවල් 23ක් සහ සංවාද හවුල්කරුවන් 11ක් දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ 23 වැනි රැස්වීම අතරතුර ශ්‍රී ලංකාව 2023 සිට 2025 දක්වා කාලය සඳහා මෙම සංගමයේ සභාපතිත්වය භාරගනු ඇති.

වෙළඳාම හා ආයෝජන, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව, ධීවර කටයුතු කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය හරිත ආර්ථිකය ඇතුළුව ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍ර 6ට අදාළව සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්‍රම පිළිබඳව අමාත්‍යවරු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ මහලේකම් ආචාර්ය සල්මාන් අල් ෆාරිසි සහ මුරුසි හි ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරුන් ද මෙම රැස්වීමට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

මෙරටට පැමිණෙන අමාත්‍යවරු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිතයි.

එමෙන්ම ඔවුන් විදේශ ඇමතිවරයා ඇතුළු අනෙකුත් අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?