සොයුරියගේ නිවසට පැමිණි තරුණියක් සිහිසුන්ව තේ වත්තක සිටියදී හමුවෙයි

තම සොයුරියගේ නිවසට පැමිණ සිටි 26 හැවිරිදි තරුණියක් එම නිවසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි තේ වත්තක යටි කය නිරුවත්ව සිහිසුන්ව සිටිය දී හමුවී තිබෙනවා.

වැලිමඩ මිරහවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියක් ඌව පරණගම- පල්ලේවෙල ප්‍රදේශයේ පදිංචි තම වැඩිමහල් සහෝදරියගේ නිවසට පැමිණ සිටියදී යි මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ.

ඇය ඊයේ රාත්‍රියේ නිවසේ කාමරයක නින්දට ගොස් ඇති අතර අද උදෑසන නිවැසියන් කළ සොයා බැලීමේදී තරුණිය නිවසේ නොමැති බවට හෙළිවී තිබෙනවා.

ඌව පරණගම ප්‍රදේශයේ වතු යායක තරුණියක් ඇද වැටී සිටින ආකාරය ප්‍රදේශවාසීන් දැක අති අතර ඔවුන් මේ පිළිබඳ ඌව පරණගම පොලිසිය දැනුවත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් කළ තොරතුරු සොයා බැලීමේ අනාවරණ වී ඇත්තේ ඇය පල්ලේවෙල ප්‍රදේශයෙන් අතරුදහන් වූ තරුණිය බවටයි.

තරුණිය සොයා ගන්නා අවස්ථාවේ දී ඇයගේ යටි කය නිරුවත්ව අඩ සිහියෙන් සිට ඇති අතර තමන්ට සිදු වූ කිසිදු දෙයක් මතකයේ නොමැති බව ඇය පසුව පවසා තිබෙනවා.

සිද්ධියට මුහුණ පෑ තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා. ඇය හමු වූ ස්ථානයේ තිබී සිරින්ජරයක් ද සොයාගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
5
+1
6
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩ්ඩන්ගෙන් සජිත්ට ලැබුණු සුපිරි පිළිගැනීම
01:16
Video thumbnail
අරුන් බෝ#ම්බ ග#හනවා - අපි පෙට්‍රල් ග#හනවා
00:35
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12