මාතර නිවසක ද්විත්ව ඝාතනයක්

මාතර බ්‍රවුන්ස්හීල් ටෙරන්ස්, 2 වන පටුමග ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයේ නියුතු කාන්තාවන් දෙදෙනෙකු ඝාතනයට ලක්වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පාලටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 67ක් වන කාන්තාවක් සහ මාතර අබේගුණවර්ධන මාවතේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක්.

අදාළ නිවස හිමි කාන්තාව ඊයේ උදෑසන මාතර පිහිටි සිය ව්‍යාපාරික ස්ථානයට ගොස් නැවත රාත්‍රී නිවසට පැමිණි අවස්ථාවේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් දැක තිබෙනවා.

එම නිවසේ පිටත පිහිටි නාන කාමරයේ සහ වැසිකිළියේ තිබී මළ සිරුරු හමුවී ඇති අතර අනතුරුව මේ සම්බන්ධයෙන් නිවෙස් හිමි කාන්තාව පොලිසියට දැනුම්දී ඇතැයි සඳහන්.

මෙම කාන්තාවන් දෙදෙනා ඝාතනය කිරීමෙන් පසු අදාළ නිවසේ තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ රෙකෝඩරය ද සැකකරුවන් ගලවාගෙන ගොස් තිබෙනවා.

එහෙත් යාබද නිවසක ආරක්ෂිත කැමරා පරික්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි මාතර පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
0
+1
3
+1
9
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09