වසර 13ක අනියම් පෙමට ජීවිතයෙන් වන්දි ගෙවයි (වීඩියෝ)

රාජාංගණය නවසිරිගම ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ධීවර රැකියාවේ නිරත වූ 53 හැවිරිදි තිදරු මවක්.

ඊයේ (07) සවස 03.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇත්තේ එම කාන්තාවගේ බාල සොයුරාගේ නිවසේදීයි.

එම නිවසට පිටුපස පිහිටි නිවසේ මෙම කාන්තාව ජීවත් වී සිට ඇති අතර, මීට දින කීපයකට පෙර ඇය වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි දියණියගේ නිවසට ගොස් ඊයේ යළි නිවසට පැමිණ සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි සඳහන්.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා මීට වසර 15කට පමණ ඉහතදී රෝගාතුරව මිය යාමෙන් පසු, ඝාතනය සිදු කළ සැකකරු සමඟ ඇය වසර 13ක පමණ සිට අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙනවා. ඝාතනය සිදු කළ බව කියන පුද්ගලයාද විවාහකයකු වන අතර ඔහුට ද දරුවන් සිටින බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම යුවළ වසර ගණනක් එකට දිවි ගෙවූ බවත්, ජීවිතක්ෂයට පත් කාන්තාවගේ බාල දරුවා සමඟ එක නිවසක ඔවුන් දිවි ගෙවූ බව ද සඳහන්.

බාල දරුවා සමඟ මීට මාසයකට පමණ පෙර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර, එම ගැටුම සමථ මණ්ඩලයට ද යොමු කර තිබෙනවා.

ඒ අනුව ඊයේ එය සමථ මණ්ඩලයේදී විභාගයට ගැනීමට නියමිතව තිබුණ ද ඒ සඳහා ජීවිතක්ෂයට පත් කාන්තාවගේ සොහොයුරා හා දරුවා ඊට සහභාගී වී නැහැ.

ඝාතනය සිදු කළ පුද්ගලයා සමථ මණ්ඩලයට සහභාගී වී ඇති අතර යළිත් ලබන 21 වනදා පැමිණෙන ලෙස දැන්වූ බවයි ඔහු මෙම කාන්තාවට නිවස අසලදී ප්‍රකාශ කර ඇත්තේ.

පස්වරුවේ නිවස අසළ වෙළඳසැලකදී ද ඝාතකයා විසින් ඝාතනයට ලක් වූ කාන්තාවගෙන් “සමථ මණ්ඩලයට යනවාද?” යැයි විමසා තිබෙනවා. ඝාතනයට ලක් වූ කාන්තාව “ 21 නේ තියෙන්නේ“ යනුවෙන් පවසා ධීවර රැකියාවේ නිරත වීම සඳහා වැවට ගොස් නැවත සොයුරාගේ නිවසට පස්වරු 2.30ට පමණ පැමිණ දිවා අහාරය ලබා ගෙන නිවසේ රැඳී සිට ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

එම අවස්ථාවේ ඝාතකයා විසින් එම නිවසට පැමිණ “ආ උඹ හොඳට ඉන්නවා නේ “ යැයි විමසා ”ඉඳපන්කෝ උඹට හොඳ වැඩක් කරන්න“ යැයි පවසා සඟවාගෙන සිටි ආයුධයකින් නිවසේ සාලයේදී එම කාන්තාවට පහරදී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ කාන්තාව රාජාංගනය යාය 05 ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර, ඝාතනය සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශණ ක්‍රියාත්මකයි.

  1. PIRIMA METHARAK JADA ATHMARTHAKAMEE KALA GUNA NODATH KISIMA THETHAMANAYAK NATHI WENNE KOHOMADHA? WASARA 13K THAMUNGE ONEMA ASAWAK ITU KARA GANNA SAMPURNA IDA NIDAHASA DEELA THAMUNGE ANGA PEYA GANAN YATA KARAGENA INNA DEELA, THAMUNGE WEDA OKKOMA IWARA WENAKAM IWASAGENA SAHAYOGAYA DEELA, KIYANA HEMA DEYAKMA BALE ISKOLE YANA KALAYE LABU SEWA N HO KARAWA GANIPU GENI MARANNA THARAM MUGE HITHA PADADA UNE MU PADADAYEK NISA NEDHA. YAKO API PASAL KALAYE WEDA KARAGATH AYA THAMATH HAMU WELA KATHA KALAMA ENAWA. EYALA NONDI NOKARA WELAWA NIDAHAS KARALA YAWANAWA. SALLI WALATA NOWEYI, WISHWASETA, FIT EKATA. MINIHAGEN NOLABENA SEPA MANASIKA SEPAK HOYAGENA ENNE. KIYANA ONEMA DEYAK KARANWA, ILLANA ONEMA DEYAK DENAWA. ONEMA DUKAKATA BALAAWA. MINIHATH EKKA NOKARA DEWALUTH KARANAWA. GEDARA GENI NOKARANA EWA KARANAWA, KARA GANNAWA. ANNA EHEMA HITAPALLA. GENU BALU NOKARA.