ධාන්‍ය ආනයනය සඳහා වැය වන විදෙස් විනිමය ඉතිරි කිරීමට දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක්

ධාන්‍ය ආනයනය සඳහා රජය විසින් වැය කරන විදේශ විනිමය ඉතිරි කිරීමේ අපේක්ෂාවෙන් ග්‍රාමීය ප්‍රදේශයන්හි වගා කටයුතුවල යෙදී සිටින ජනතාවට ධාන්‍ය වර්ග වගා කිරීම සඳහා අවශ්‍ය බීජ සැපයීම මෙන්ම වෙළෙඳපොළ අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළක් සිය අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇති බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා පවසනවා.

මන්නාරම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී රට පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ පසුගිය කාලය තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. එම වැඩසටහන් නිසා රට මේ වනවිට ක‍්‍රමානුකූලව ඉදිරියට යනවා. ඒ පිළිබදව අප සියළු දෙනාගේම ස්තුතිය ජනාධිපතිතුමාට හිමි විය යුතුයි. ඒ වගේම එතුමා කරගෙන යන ව්‍යාපෘතිවලට අපගේ උපරිම සහයෝගය ලබාදිය යුතුයි.

ඒ අනුව අපේ රාජ්‍ය අමාත්‍යාංශය ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීමට කටයුතු කරගෙන යනවා. ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කරමින් රටේ ආර්ථික සංවර්ධනයට ග්‍රාමීය ජනතාවගේ සහභාගිත්වය වැඩි කර ගැනීමේ අරමුණින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ග්‍රාමීය ප්‍රදේශයන්හි වගා කටයුතුවල නිරත ජනතාවට අත්‍යවශ්‍ය බීජ ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම ධාන්‍ය වර්ග වගා කිරීමට අවශ්‍ය බීජ ලබා දීමටත් ඒවාට වෙළඳපොළ අවස්ථා ලබාදීමටත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙවර මන්නාරම දිස්ත්‍රික්කයෙන් පමණක් මුං ඇට මෙට්‍රික් ටොන් 950ක් පමණ ලබා ගැනීමට හැකි වී තිබෙනවා.

මේ හරහා අපට රටට ධාන්‍ය ආනයනය සඳහා වැය කරන විදේශ විනිමය ඉතිරි කර ගත හැකියි. මෙම වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අප එළු ගොවිපළ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආධාර ලබාදී තිබෙනවා. මෙම වැඩසටහන මගින් කුඩා පරිමාණ ග්‍රාමීය මට්ටමේ එළුවන් ඇති කරන්නන් වසර 3-4කින් පමණ විශාල එළු ගොවිපළවල් හිමි ව්‍යාපාරිකයන් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා.

“හද බිම” අධිකාරිය හරහා වගාවට අවශ්‍ය පැළ ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන අතර ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට කුකුළු පාලනය සඳහා පැටවුන් ලබාදීම ද සිදු කරනවා. එපමණක් නොවෙයි තරුණ ගොවි ගම්මාන නිර්මාණය කිරීමේ කටයුතු ද අපේ අමාත්‍යාංශය මගින් විවිධ ප්‍රදේශවල සිදු කරනවා. මේ සඳහා අපි අනෙකුත් අමාත්‍යාංශවල සහයෝගයත් ලබාගෙන තිබෙනවා. එම වැඩසටහනට අනුව ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත ගම්මාන බවට පත් කිරීමට අවශ්‍ය ආකාරයට අපේ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා.

ඒ වගේම දිවයිනේ විවිධ පළාත්වල ආර්ථික මධ්‍යස්ථාන ඇති කිරීමටත් කටයුතු කරනවා. දැනටමත් වැඩ අවසන් කර විවෘත කර නොමැති ආර්ථික මධ්‍යස්ථාන හැකි ඉක්මනින් විවෘත කිරීමටත් අප කටයුතු කරනවා.

කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලැබෙන ග්‍රාමීය ප්‍රදේශවල වැව් සහ ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද ජනාධිපතිතුමා විසින් ලබා දී තිබෙනවා. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුද හමුවේ වුව ද ගොවි ජනතාව ආරක්ෂා කර ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා ලබාදෙන සහයෝගය ද කෘතවේදීව සිහිපත් කරනවා.

මෙවර “ජාතික මිලාද් උත්සවය” මන්නාරම දිස්ත්‍රික්කයේ පැවැත්වෙනවා. ඊට සමගාමීව විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා තිබෙන බව කිවයුතුයි. මෙම වැඩසටහන්වල ප්‍රතිලාභ මන්නාරම දිස්ත්‍රික්කයේ සියළු ජනතාවට හිමි වීම එහි විශේෂත්වයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47