මුළු දවසේ ම ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට සුදානම්

පාර්ලිමේන්තුවේදී මුළු දවසේ ම ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට තමන් සුදානම් බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2023.10.04 දින අවධාරණය කළේය. ස්ථාවර නියෝගවල ඇති එම අවස්ථාව ලබාදීම සිදු කළ යුත්තේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පක්ෂ නායක කමිටුව බව ඔහු කියා සිටියේය. එම ස්ථාවර නියෝගය ක්‍රියාත්මක කරවා ගැනීම පක්ෂ නායක කමිටුව තීරණය කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසිය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ස්ථාවර නියෝගවල තිබෙන, ‘අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න’ නමැති අවස්ථාව ක්‍රියාත්මක නොවීම පිළිබඳ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විමසූ අවස්ථාවේදීය.

මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝගවල මෙසේ සඳහන් වේ

“අග්‍රාමාක්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න

38, ( 1 ) සෑම මාසයකම පළමුවැනි රැස්වීම් සතියේ බදාදා වාචික පිළිතුරු අපෙක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති කාලය තුළ මිනිත්තු තිහක කාලයක්  ප්‍රශ්න හතරකට නොවැඩි සංඛ්‍යාවක් අග්‍රාමාත්‍යවරයාගෙන්  අසනු ලැබීම සඳහා වෙන්කරනු ලැබිය යුත්තේය. අග්‍රාමාත්‍යවරයා පළමු බදාදා පැමිණ නොසිටියි නම් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තත් කාර්යය සඳහා එම මාසය තුළ වෙනත් යෝග්‍ය දිනයක් තීරණය කරනු ලැබිය හැකිය.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
00:51
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51