මට පිළිකාවක් හැදුනා..- චන්ද‍්‍රිකා කියයි..

තමනට පිලිකාවක් වැළඳුණු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. එය මූලික මට්ටමේදීම හඳුනාගත් නිසා එය සුව කරගත් බවද ඇය පවසයි. අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මෙම අදහස් පල කරයි තිබේ. “දේශපාලනය නොකළා නම් දැනට වැඩිය පොහොසත් කාන්තාවක් වෙයි. දැනට වැඩිය සෞඛ්‍ය සම්පන්නයි කියලා මම කියන්නේ නෑ. ඇත්තවශයෙන්ම මගේ සෞඛ්‍යයේ එච්චර ප්‍රශ්නයක් නෑ.

හැබැයි දැන් මම එක ඇත්තක් කියන්නම්. මට කැන්සර් එකක් හැදුණා. මම බලයෙන් ගිහිල්ලා අවුරුදු හයක් යනකොට කැන්සර් එකක් හැදෙන්න හේතු තියෙන්න ඕනෑ. ඒ එකක්වත් මට තිබුණේ නෑ. සිගරුට් බොන්න ඕනේ. ඕනෑවට වැඩිය ඇල්කොහොල් ගන්න ඕනේ. ඕනෑවට වැඩිය මහත් වෙන්න ඕනේ. ඒකේ එක කරුණක් තිබෙනවා මානසික පීඩනය. බලයෙන් ගියාම මට පුදුමාකාර පීඩනයක් වදයක් දුන්නා. මම හුඟාක් දුක්වින්දා ඒකෙන්. ඊටපස්සේ මගේ පක්ෂයත් ඒකට සම්බන්ධ වුණා. ඒ ගොල්ලන්ට මට කතා කරන්න එපා කීවා. මාව තනි කෙරුවා. ඒක නිසා වෙන්න ඇති මගේ දුව නම් කියන්නේ. මට පියයුරු පිළිකාවක් ආවේ. මගේ වාසනාවට ඒක පළමු අදියරේදී හොයාගත්තා. භයානක ප්‍රතිකාර කරන්න වුණේ නෑ. රේඩියෝ තෙරෙපි විතරක් කරලා සනීප වුණා. දැන් අවුරුදු නවයක් දහයක් වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02