ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙයි

ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් (Julie J. Chung) මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (2) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. මේ අවස්ථාවට ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී මැතිව් හින්සන් මහතා (Matthew Hinson) ද එක් විය.

එහි දී දෙපාර්ශ්වය අතර වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අදහස් හුවමාරු විය. වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාව පීඩාවට පත්ව ඇති අයුරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිවරිය ඇතුළු පිරිස දැනුවත් කරමින් පැහැදිලි කරන ලදී.

ඊට අමතරව වත්මන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරමින් නියමිත දිනට පැවැත්වීමට සැලසුම් කර තිබූ මැතිවරණ කල් දැමීමත් ජනතාව මර්දනය කරමින් ගෙන ඒමට උත්සාහ කරන විවිධ පනත් සම්බන්ධයෙන් ද දැනුවත් කරන ලදී.

මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා ද එක්විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
00:51
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51