පානදුර දුම්රිය ස්ථානයේ ගුටිබැට හුවමාරුවක්

පානදුර දුම්රිය ස්ථානයේ දුම්රිය සේවකයින් දෙදෙනෙකුට පහර දී දුම්රිය ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනය පැහැරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර දකුණ පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පානදුර – සාගර මාවතේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් මුල්කර ගනිමින් මෙම ගැටුම හටගෙන ඇති අතර, දුම්රිය සේවකයින්ට පහරදීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර අත්අඩංගුවේ පසුවන පුද්ගලයාගේ පුත්‍රයෙක් ද ගුටිබැට හුවමාරුවේ දී පහරකෑමට ලක්ව රෝහල් ගතව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පහරකෑමට ලක් වූ දුම්රිය ස්ථානාධිපතිවරයා සහ සේවකයෙකු ද පානදුර මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58