පානදුර දුම්රිය ස්ථානයේ ගුටිබැට හුවමාරුවක්

පානදුර දුම්රිය ස්ථානයේ දුම්රිය සේවකයින් දෙදෙනෙකුට පහර දී දුම්රිය ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනය පැහැරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර දකුණ පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පානදුර – සාගර මාවතේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් මුල්කර ගනිමින් මෙම ගැටුම හටගෙන ඇති අතර, දුම්රිය සේවකයින්ට පහරදීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර අත්අඩංගුවේ පසුවන පුද්ගලයාගේ පුත්‍රයෙක් ද ගුටිබැට හුවමාරුවේ දී පහරකෑමට ලක්ව රෝහල් ගතව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පහරකෑමට ලක් වූ දුම්රිය ස්ථානාධිපතිවරයා සහ සේවකයෙකු ද පානදුර මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?