වෙඩි වැදුණු “සීතා”ගේ හිමිකරුගෙන් චෝදනාවක් (වීඩියෝ)

මහියංගන පෙරහැරට ගොස් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ සීතා ඇතින්න සම්බන්ධයෙන් රජයේ හෝ වනජීවී දෙපාර්තමේන්තුවේ කිසිදු සොයා බැලීමක් හෝ උපකාරයක් නොමැති බව එම සත්වයාගේ හිමිකරු වන එම්. එම්. රොෂාන් නොහොත් අලි රොෂාන් පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ තම පෞද්ගලික මුදලින් ඇතින්නට ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කරන බවයි.

මෙලෙස වෙඩි වැදී තුවාල ලැබූ ඇතින්න මේ දිනවල ජනප්‍රිය චිත්‍රපටයක මෙන්ම මීට පෙර ද ජනප්‍රිය චිත්‍රපට රැසකට ද රංගන දායකත්වය ලබාදී ඇති සත්වයෙක්.

එමෙන්ම සීතා මෙරට සිටින ඇතින්නියන් අතුරින් දළ දෙකක් හිමි දුර්ලභ ගණයේ ඇතින්නක් වීම ද විශේෂත්වයක්.

මෙම ඇතින්නගේ හිමිකරු ප්‍රකාශ කළේ වෙඩි වැදුණු සත්වයා සම්බන්ධයෙන් මූලික පරීක්ෂා කිරීම් සිදු කළ ද ඉන ්අනතුරුව කිසිදු අයෙක් තම ඇතින්න පිළිබඳ සොයා නොබැලූ බවයි.

“මේ සතා අනතුරට පත් වෙලා දවසකට වඩා වැඩි කාලයක් ගිහින් තියෙනවා. අලි හාම්පුත්තුන්ගේ සංගහමයේ සභාපති පැය කිහිපයක් ඇතුලත, පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහත්තයා ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් රැගෙන ඇවිත් මේ වෙඩි වැදුන සතා පරික්ෂා කරා. ඊට පස්සේ මේ වනතුරු, රජයේ කිසි වග කිවයුතු නිලධාරියෙක්, වනජිවි දෙපාර්තමේන්තුවේ කිසි කෙනෙක් මා හට කථා කරලා සතාගේ තොරතුරු හොයලා බැලුවේ නෑ. මගේ අතේ තියෙන සල්ලිවලින් දැන් මේ සතාට ප්‍රතිකාර කරගෙන යන්නේ. වෙඩි වැදුන තැන මූනිස්සන් කොයි ආකාරයෙන්, කොච්චර දුර ගිහිල්ලාද, කියලා බලන්න වන ජීවී සංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ සත්වඋද්‍යාන දෙපාර්ථමේන්තුවේ උපකරණ හා පහසුකම් ඇති තරම් තිබිලත් මේ සතා වෙනුවෙන් තවම එහෙම දෙයක් කරන්න කිසි කෙනෙක් විමසීම් හො සොයා බැලීමක් සිදු කළේ නෑ. ඒ ගැන හරි කණගාටුයි. ලංකාවේ හැම දේටම කෑගහන පරිසරවේදින්, අවිහිංසා සංගම් නිලධාරින් මේ සතා වෙනුවෙන තවමත් හඬ අවදි නොකර නිහඬව සිටීමත් මට තියෙන ගැටළුවක් “



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37