මල්වතු මහ නාහිමියන් ලෙසට පෙනී සිටිමින් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට (වීඩියෝ)

මල්වතු මහා නායක හිමියන් ලෙස පෙනී සිටිමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කල පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මල්වතු මහනායක හිමියන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් විදෙස් රැකියාවලට යවන බව පවසමින් සැකකරු දිවයින පුරා මහා පරිමාණයෙන් මුදල් වංචා සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ මෙම පුද්ගලයා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

මෙම සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක්.

ඔහු නුවරඑළිය සඳතැන්න ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් වංචනික ලෙස රුපියල් 137,000ක මුදලක් ලබා ගත් බවට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී අත්අඩංගුවට පත්වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කල නුවරඑලිය පොලිසියේ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින්

සැකකරු ජාතික පුවත්පත්වල පළවන ඉඩම් සහ දේපළ විකිනීම් සම්බන්ධ දැන්වීම් අනුව ධනවත් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට ඇමතුම් ලබා ගනිමින් තමන් මල්වතු පාර්ශවයේ මහ නායක ස්වාමින් වහන්සේ බව පවසා මෙම වංචාවේ නිරතවී ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

සැකකරු, තම සහෝදර සහෝදරියන් ඕස්ට්‍රේලියාවේ පදිංචි බවත් තම මිතුරෙකු ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයෙකු ලෙසට කටයුතු කරන බව පවසා තමන්ගේ සහෝදරයාට ඉඩමක් නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් සූක්ෂම ලෙස එම පුද්ගලයන් සමඟ හිතවත්කමක් ගොඩ නගා ගෙන ඇතැයි සඳහන්.

අනතුරුව එම හිතවත්කම මත ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඕස්ට්‍රේලියාවේ රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා කිසිදු මුදලක් අය නොකර කඩිනමින් පිටත් කරවන බවට පවසා මෙම මුදල් වංචාව සිදු කර ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ලියාපදිංචි ගාස්තු වශයෙන් රුපියල් 130,000ක මුදලක් පමණක් ගෙවිය යුතු බව සඳහන් කරමින් එම මුදල් මහනායක හිමියන් ලෙසට පෙනී සිටි සැකකරුගේ ගිණුම් වෙත ගෙන්වා ගෙන වංචාව රැසක් සිදු කර ඇති බවට ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එලෙස මුදල් ගෙන්වා ගැනීමේදී ජාතික හැඳුනුම්පත් ද සැකකරු විසින් ගෙන්වාගෙන ඇති අතර එලෙස ගෙන්වා ගන්නා ජාතික හැඳුනුම්පත්වල පිටපත් ලබාදී තවත් පුද්ගලයන් රැවටීම සඳහා සැකකරු සිම් පත් 100ත් 120ත් අතර ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව ද සඳහන්.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ දුරකථන 11ක්, ටැබ් පරිගණක යන්ත්‍රයක්, අන්තර්ජාල සැපයුම් උපකරණ, බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කළ රිසිට්පත් විශාල ප්‍රමාණයක්, විවිධ නම්වලින් සැකසුනු ලද නිල මුද්‍රා තොගයක්, දුරකථන අංක ලියා ගැනීමට භාවිතා කළ පොත් කිහිපයක්, විවිධ පුද්ගලයන්ගේ නම් වලින් සැකසූ විසිටින් කාඩ් පත් විශාල ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා.

වංචනික ලෙස මුදල් ලබා ලබාගැනීම වෙනුවෙන් ව්‍යාජ ලෙස සැකසූ ජාතික හැඳුනුම්පත් කිහිපයක් භාවිතා කරමින් බැංකු ගිණුම් 15කට ආසන්න ප්‍රමාණයක් ද මෙම පුද්ගලයා විසින් පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිතා කරමින් බහු විවාහ ද සිදුකර ඇති සැකකරුට එම විවාහයන්ගෙන් දරුවන් සිටින අතර වංචනික ලෙස උපයන මුදලින් අදාළ කාන්තාවන් සමඟ සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවටයි තොරතුරු හෙළිවී ඇත්තේ.

මෙම පුද්ගලයා විරුද්ධව මතුගම, මහර, පන්නිල, කොළඹ කොටුව, කෑගල්ල, දඹුල්ල, නුවරඑළිය, ගාල්ල බලපිටිය, අනුරාධපුර, නුගේගොඩ, කළුතර සහ අලුත්කඩේ යන අධිකරණවල මුදල් වංචා කිරීම්, අධිකරණය නොමග යැවීම, බහු විවාහයක් සිදු කිරීම, වෙනත් පුද්ගලයන් ලෙස පෙනී සිටීම හා කූට ලේඛන සැකසීම ඇතුළු වැරදි රැසක් සම්බන්ධව නඩු විභාග වෙමින් පවතින බවට ද තොරතුරු සනාථ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12