නිලූක කරුණාරත්න ජාත්‍යන්තර පිටියට සමුදෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වන නිලූක කරුණාරත්න ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

වසර 23ක කාලයක් පුරා ජාත්‍යන්තර පදක්කම් 34ක් සහ ජාතික ශූරතා 17ක් ජයග්‍රහණය කළ 38 හැවිරිදි ඔහු තරුණයන්ට අවස්ථාව ලබාදීමේ අරමුණිනින් මෙම තීරණයට එළඹි බවයි ප්‍රකාශ කර ඇත්තේ.

තම ඉවත්වීම පිළිබඳ ඔහු ඔලිම්පික් කමිටු (IOC) මුලස්ථානයේදී දැනුම්දී තිබෙනවා.

නිලුක කරුණාරත්න 2017 වසරේ පැවැති 32 වැනි බ්‍රසීල අන්තර්ජාතික බැඩ්මින්ටන් ශූරතාවය දිනාගනිමින් ශ්‍රී ලංකා නාමය ලෝකයේ ඉහළින්ම රඳවා තැබීමට සමත් වුණේ පිරිමි ඒකල අංශයේ ශූරතාවය තමන් සතුකර ගනිමින්.

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ හොඳම ක්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණීමටද නිලුක කරුණාරත්න සමත්ව සිටියා.

නිලූක කරුණාරත්න ජාත්‍යන්තර තරගාවලි රැසක් තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් මෙරටට දිනා දීමට සමත් වුණා.

ඔහු අවස්ථා තුනකදී ශ්‍රි ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කර තිබෙනවා.

අම්බලන්ගොඩින් බිහි වූ ජාතික ශුර නිලුක කරුණාරත්නගේ සොහොයුරන් වන දිලුක සහ දිනුක ද බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණ දක්ෂතා දක්වමින් සිටිනවා.

නිලුක කරුණාරත්නගේ බාල සොහොයුරු චාමික කරුණාරත්න ක්‍රිකට් ක්‍රිඩාවෙන් ඉදිරියට පැමිණ ජාතික කණ්ඩායම වෙනුවෙන් ද දක්ෂතා දක්වමින් සිටින අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01