ඇතින්නට වෙඩි තැබූ සැකකරුට ඇප

මහියංගණය ඇසල පෙරහැරට සහභාගී වූ ඇතින්නකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා ඇප මත නිදහස් කර තිබෙනවා.

සැකකරු අද මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමටයි.

ඔහු මාපාකඩවැව වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කළ අයෙක්.

මහියංගනය රජමහා විහාරාස්ථානයේ පෙරහැර සඳහා රැගෙන ගොස් සිටි මහරගම සීතා නැමැති ඇතින්නක් මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුවා.

වෙඩි තැබීමෙන් ඇතින්නගේ ඉදිරිපස කකුල ආසන්නයට තුවාල සිදුව ඇති අතර ඇතින්නට ජීවිත අනතුරක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

මෙම වෙඩිතැබීම සිදුකිරීමට යොදාගෙන ඇත්තේ ජීව උණ්ඩ ද නැතහොත් රබර් උණ්ඩ ද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නැහැ.

මහියංගණ ඇසල පෙරහරට සහභාගි වූ මෙම ඇතින්න පෙරහැර නිමා වීමෙන් පසුව මහවැලි ගඟ අයිනේ ගැටගසා සිටියදී යි ගඟෙන් පැමිණි වන අලියෙකු බව සිතා වෙඩි තැබීම සිදු කර තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් සුමන සමන් දේවාලයේ නිළමේවරයාගේ දැනුම් දීමකට අනුව පොලිසිය පැමිණ අලියාට වෙඩි තැබූ බව පැවසෙන සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

අප වාර්තාකරු සඳහන් කළේ වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයකු පැමිණ මේ වන විට තුවාල ලැබූ අලියාට ප්‍රතිකාර සිදු කරමින් සිටින බවයි.

වෙඩි වැදී ඇත්තේ වයස අවුරුදු 47ක් වන මහරගම “අලි රොශාන්“ නැමැති පුද්ගලයෙකුට අයත් ඇතින්නක්.

මහියංණ මහවැලි ගඟේ මේ දිනවල මෙන්ම පසුගිය වසර ගණනාවක් තිස්සේ වන අලි රංචු කිහිපයක් රැඳී සිටින අතර පසුගිය වසරේ පෙරහැර පැවැත්වෙන වේලාවන්වල එම අලි අවස්ථා කිහිපයකදී ගොඩට පැමිණීම වාර්තාවී තිබුණා.

ඒ හේතුවෙන් මෙවර ද ඒ ආකාරයෙන් වන අලි ගොඩට පැමිණිය හොත් පෙරහැර නරඹන ජනතාවට හානියක් සිදු විය හැකි බවට වන අවදානම සැලකිල්ලට ගනිමිනුයි පෙරහැර පැවැත්වනෙ ගඟ අසබඩ මාර්ගය සහ ගං ඉවුර දිගේ වනජීවී නිලධාරින් කණ්ඩායමක් ආරක්ෂාව වෙනුවනේ යොදවා ඇත්තේ.

එලෙස සේවයේ යෙදී සිටි නිලධාරින් පිරිස අතර සිටි සිවිල් ආරක්ෂක නිලධාරියෙක් විසින් මෙම වෙඩි තැබිම සිදු කර ඇතැයි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44