බවුමාට ලෝක කුසලාන පෙරහුරු තරග අහිමි වෙයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට ලෝක කුසලාන පෙරහුරු තරග අහිමිව යන බව වාර්තා වනවා.

ඒ, පුද්ගලික හේතුවක් මත ඔහු යළි දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑම හේතුවෙන්.

දකුණු අප්‍රිකාවට, ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය සමඟ සැප්තැම්බර් 29 සහ ඔක්තෝබර් 02 යන දිනවල දී පෙරහුරු තරග පැවැත්වෙනවා.

කෙසේ වෙතත් බවුමාට ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකානු ගමන ආරම්භ කිරීමට පෙර යළි කණ්ඩයම සමඟ එක්වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාවේ ආරම්භක තරගය ශ්‍රී ලංකාවට එරෙහිව ඔක්තෝබර් 07 වනදා දිල්ලි හිදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?