බිරිඳට පිහියෙන් අනින්න ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ගාල්ල, නාගොඩ පොලිසිය තුළ දී සිය බිරිඳට පිහියෙන් ඇනීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පිළියන්දල පොලිසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකුගේ මෙලෙස වැඩ තහනම් කර ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඔහු මේ වනවිට අධිකරණ ඇපමත සිටින බවයි වාර්තා වුණේ.

පසුගිය 18 වනදා කොස්තාපල්වරයාගේ බිරිඳ සිදුකළ පැමිණිල්ලක් අනුව නාගොඩ පොලිසියට කැඳවා තිබූ අතර, එහිදී කොස්තාපල්වරයා සඟවාගෙන සිටි පිහියකින් බිරිඳට ඇනිමට තැත්කර තිබෙනවා.

එම අවස්ථාවේ දී එහි සිටි පොලිස් නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු මෙල්ලකර අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

කොස්තාපල්වරයා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අපකීර්තියක් ඇති කර ඇති බැවින්, අපකීර්ති දායක හැසිරීම හා ආයතන සංග්‍රහයට අනුකූලව වරදක් හා විනය කඩ කිරීමක් සිදුකර ඇති බැවින්, ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මෙලෙස සැකකාර කොස්තාපල්වරයාගේ තහනම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
6
+1
2
+1
0
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?