ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍රට ඇප

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (25) නියෝග කළා.

අදාළ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

එමෙන්ම සැකකරුට පණවා තිබූ විදේශ ගමන් තහනම තවදුරටත් දීර්ඝ කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර සිටියා.

විමර්ශණය පැවති කාල සීමාව තුළ සැකකරු විමර්ශන කටයුතු වලට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට හෝ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට ඔහු අන්‍යාකාරයෙන් බාධා කර ඇති බවට තමන් ඉදිරියේ කරුණු අනාවරණය නොවන හෙයින් අදාළ සැකකරු ඇප මත මුදාහැරීමට තීරණය කරන බව ද මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කළා.

අද දින පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ දී විමර්ශන සිදුකරන ක්‍රීඩා විමර්ශන ඒකකය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව විමර්ශකයින් විසින් බන්ධනාගාරගතව සිටින සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර බවත් එම ප්‍රකාශය තුළින් ඔහු ඉතා වැදගත් කාරණා “මට මතක නෑ, කියන්න ඇති, හිතේ තියෙන දේ කිව්වෙ, බීල කිව්වේ,”යනාදී වශයෙන් පිළිතුරු ලබා දී ඇති බව සඳහන් කළා.

එම පිළිතුරු දෙස බැලීමේදී සැකකරු විමර්ශන වලට සහාය ලබා දෙන බවක් පෙනී නො යන බවත් ඔහු විමර්ශන නොමඟ යැවමට උත්සාහ කරන ආකාරයක් පෙනී යන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා.

මෙම සැකකරු ඔට්ටුකරුවකු බව සඳහන් “ෂහීඩි” නැමැත්තෙකු සමග කටයුතු කර ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එවා ඇති වාර්තාවට අනුව මෙම ෂහීඩි නැමැත්තා ඉන්දියාවේ නවදිල්ලි නුවර ව්‍යාපාරිකයකු වන හෂිත් සේදි නැමැත්තෙකු බවට කරුණු අනාවරණය වී ඇති බව සඳහන් කළා.

මෙම ව්‍යාපාරිකයා ඔට්ටුකරුවකු වශයෙන් ප්‍රසිද්ධියට පත්වී සිටින බවත් ඔහුට ඩුබායි රාජ්‍ය සමඟ සම්බන්ධකම් තිබෙන බවත් ඔහු සඳහන් කළා.

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙන බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කරන තුරු තවත් එක් අවස්ථාවක් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය ඉල්ලා සිටියා .

වැඩි දුරටත් කරුණු දැක් වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සැකකාර සචිත්‍ර සේනානායක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව කොළඹ බන්ධනාගාරයේ තිබෙන විශේෂ ප්‍රභූ කුටියක ඔහුව රඳවා තිබෙන බවත් මෙය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බව සඳහන් කළා.

මෙම සැකකරු සමඟ තවත් පුද්ගලයින් හත්දෙනෙකු එම විශේෂ කුටියේ රඳවා ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙවැනි ක්‍රියා තුළින් නීතියේ සාධාරණත්වය ප්‍රශ්න සහගත තත්ත්වයකට පත්වන බවත් සඳහන් කළා.

මෙහි දී සැකකාර සචිත්‍ර සේනානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළා.

තම සේවාදායකයා රඳවා තිබෙන්නේ සිරකුටියක බවත් අවශ්‍ය නම් ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කැඳවා විමසීමට නීතිපති දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බවත් විත්තියේ ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

තම සේවා දායකයා විමර්ශන කටයුතු වලට හෝ සාක්ෂි වලට මැදිහත් වීම් හෝ බලපෑම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙසයි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ, අනුව අදාළ සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 01 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36