2024ට අදාළ පාසල් පෙළපොත් බෙදාහැරීම ඇරඹෙයි

ලබන 2024 වසරට අදාළ පාසල් පෙළපොත් බෙදාහැරීම ආරම්භ වී තිබෙනවා.

ඉදිරි වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර පාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බවයි පෙළපොත් බෙදාහැරීම ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ.

2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් මුද්‍රණය කර බෙදා හැරීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් හෝමාගම පිටිපන පිහිටි ප්‍රධාන ගබඩාවේ සිට ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට පෙළපොත් බෙදාහැරීම අද ආරම්භ කෙරුණා.

සීමිත පිරිසකට පමණක් නිල ඇඳුම් ලබා දෙන බව පවසමින් විවිධ පිරිස් විසින් කරනු ලබන චෝදනා හා අසත්‍ය ප්‍රචාර තමන් ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ.

2024 වසරේ දී පාසල් නිල ඇඳුම් සහ දිවා ආහාර ද නිසි කලට ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බව ද ඔහු සඳහන් කළා.

වර්ෂාවසානය වන විට සියලු‍ විෂය නිර්දේශ ආවරණය කර පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මග හැරුණු අධ්‍යයන කටයුතු සියල්ල යථා තත්වයට පත් කිරීම, මෙම සියලු‍ භෞතික පහසුකම් සැපයීමේ අපේක්ෂාව බව ද ඇමතිවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම පෙර වර්ෂයට සාපේක්ෂව අඩු වියදමකින් මෙන් ම කල්වේලා ඇතිව පෙළ පොත් මුද්‍රණය කිරීමට මෙවර හැකියාව ලැබී තිබෙන අතර එමගින් රුපියල් මිලියන 4,000ක් රජයට ඉතිරි කර දීමට හැකි වූ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මේ වන විට ලාභ ලබන මට්ටමට පත්ව ඇති බැවින් ඉදිරියේ දී සියලු‍ පාසල් පෙළ පොත්, අභ්‍යාස පොත් මෙන් ම රජයේ වෙනත් ලේඛන ද එම ආයතනයට මුද්‍රණය සඳහා ලබා දෙමින් තව දුරටත් එහි ශක්‍යතාව හා ප්‍රමිතිය ඉහළ නැංවීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස පාසල් පද්ධතිය තුළ යථාර්ථයක් බවට පත් කිරීමේ දී මේ සියලු‍ ආයතනවල, කාර්ය මණ්ඩලවල සහයෝගය හා කැපවීම ද අත්‍යවශය සාධකයක් වන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49