logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ කාරක සභා නියෝජනය අත්හිටුවීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය තාවකාලිකව අත්හිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ගෙනෙන ලද යෝජනා සම්මතයට අද (22) පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවී තිබෙනවා.

මන්ත්‍රීවරයා විසින් සිදු කර ඇති නීති විරෝධී විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත විමර්ශනයක් සිදු කිරීම සඳහා යොමු කර ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ කාරක සභා නියෝජනය කරමින් කටයුතු කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ චර්යාවන් පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කරන හෙයින්ද, එකී විමර්ශනය අවසන් වන තෙක් අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය නොකළ යුතු බවයි අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

විපක්ෂ නායකවරයා ගෙනා යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ස්ථිර කිරීමෙන් පසු පාර්ලිමෙන්තුව විසින් අනුමත කරනු ලැබුවා.

රුපියල් මිලියන 74ක් වටිනා රත්‍රන් කිලෝ 3.3ක ප්‍රමාණයක් සහ රුපියල් මිලියන 4.2ක් වටිනා ස්මාට් ජංගම දුරකථන 41ක් නීතිවිරෝධීව රැගෙන ආ මන්ත්‍රීවරයා සඳහා දඩය ලෙස රුපියල් මිලියන 7.5ක් පමණක් අයකරගෙන තිබීමත් රුපියල් මිලියන 80ක් වටින රත්‍රන් තොගයක් ගෙනා ප්‍රංශ ජාතිකයෙකුගෙන් රුපියල් මිලියන 70ක දඩයක් අය කිරීමත් හේතුවෙන් මන්ත්‍රීවරයා‍ට ලිහිල් දඩයක් නියම කරේ කුමන හේතුවක් මත ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බවයි විපක්ෂනායකවරයා මෙහිදී කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-08
00:00
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලයේ දුන් ණයවලින් මිලියන 5,564ක පාඩුවක් - නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති
01:29
Video thumbnail
"ශ්‍රීලනිප මූලස්ථානයේදී මට බාධා කළ හැමෝටම එරෙහිව නඩු පවරනවා"
01:13
Video thumbnail
ඇටවෙන සන්ධාන නිසා ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ හිර වෙයි
01:00
Video thumbnail
පොරොන්දුවුණු සන්තෝසම් නෑ මන්ත්‍රී විස්සක් පිල් මාරුවට පස්ස ගහලා සජබ ලොක්කෙක් ආපසු එන්න මානබලයි
00:40
Video thumbnail
"වැටුප් වැඩිකිරීම සඳහා 2025 වසරේ අයවැයෙන් ප්‍රතිපාදන" - ජනාධිපති රනිල් වික්‍රමසිංහ
01:15
Video thumbnail
ග්‍රාම නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාසයක්
00:46
Video thumbnail
විදුලිබලය හා ඛණිජ තෙල් අත්‍යවශ්‍ය සේවා කරයි
00:44
Video thumbnail
රු.25,000ක මාසික දීමනාවක් ඉල්ලා රාජ්‍ය සේවකයෝ ලක්ෂ 5ක් අද හා හෙට ලෙඩ වෙති
03:03
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-07 |
33:30

?