චෛත්‍ය ඉදි කරන භූමියේ කෝවිලකටත් මුල්ගල් තබයි

ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල්වල ජාති ආගම් අනුව බෙදී පවතින වකවානුවක සියලු ජාතීන්ට මෙන්ම ආගම්වලට පූර්වාදර්ශයක් සපයමින් චෛත්‍යය ඉදිවන භූමියේම හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද සිදු කෙරුණා.

පොලොන්නරුව වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී මෙම කටයුතු සිදු වූයේ සර්ව ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සර්වාගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුවයි.

වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාමාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සුසිරිගම කළණ මිතුරු සංසදයේ සංවිධානයෙන් මීට වසරකට පමණ පෙර මෙම භූමියේ ජාතික එකමුතුකම නමින් චෛත්‍යයකට මුල්ගල් තබා තිබුණා.

ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයින්, දානපතියන් ඇතුලු දායකයින්ගේ මෙන්ම නුවර ප්‍රදේශයේ දානපතියෙකුගේද ධන පරිත්‍යාගයෙන් මෙම චෛත්‍ය මෙන්ම හින්දු කෝවිල ඉදිකිරීමට අනුග්‍රහය ලැබී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ඉදි කිරීම් කටයුතු වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රදේශවල ජීවත් වන සියලු ජාතීන් සහ ආගමිකයින් නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්ව ආගමික කටයුතු සිදු කිරීමෙන් පසු ආරම්භ කිරීම විශේෂත්වයක්.

මෙහිදී අදහස් දක්වමින් උතුරු මැද පළාතේ හින්දු පූජකවරුන්ගේ සංගමයේ උපලේකම් ශ්‍රිව සී. කේ. දයානන්දන් සඳහන් කළේ බෞද්ධ චෛත්‍යයක් අසලම හින්දු කෝවිලක් ඉදිකිරීම ප්‍රදේශය තුළ මෙන්ම ලෝකයට ආගමික සංහිදියාවේ පණිවිඩය ගෙන යන හොඳම අවස්ථාවක් බවයි.

මෙය මෙරට අන්තවාදීන්ට කනේ පහරක් බවත් මෙය ආදර්ශයට ගෙන සෙසු පළාත්වල ජාති, ආගම් බේධයකින් තොරව එකට ජීවත්වීමේ පණිවිඩය ලබාගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ සඳහා දායක වූ සියලු දෙනාට හින්දු ආගමිකයන්ගේ ගෞරවය හිමිවන බවයි ශ්‍රිව සී. කේ. දයානන්දන් කියාසිටියේ.

මෙහිදී කටුවන්විල පල්ලියේ මවුලවිවරයකු වන එම්. ෆාහිර් සඳහන් කළේ ලෝකයේ සෑම ජාතියකටම සිංහල ජාතියත්, බෞද්ධ ආගමත් පූර්වාදර්ශයක් සපයන බවයි.

සිංහල ජාතිය තරම් සංවේදී, කාරුණික, කළගුණ දන්නා හොඳ ජාතියක් ලෝකයේ වෙනත් තැනක නොමැති බව ඔහු පෙන්වා දුන්නා.

මෙම අවස්ථාවට මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරු, යුද හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, ස්වේච්ඡා සංවිධානවල නිලධාරීන් රැසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුණු ලෝබයෙක් - ආර්යාවෝ තියාගෙන වියදම් කරන්නේ නෑ
03:17
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජා නැද්ද - ගෙදර යන්න වෙනවා.. ස්ථිරයි
04:33
Video thumbnail
ආයේ කිසිම එකෙකුට ඡන්දේ දෙන්නේ නෑ
04:04
Video thumbnail
වතුකරයේ පාස්කු ඉරිදා දේව මෙහෙයට දැඩි ආරක්ෂාවක්
01:35
Video thumbnail
දිට්වා නිසා අවතැන් වුණ දරුවන්ව අමතක කරන්න හොඳ නෑ
02:12
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10